Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බංග්ලාදේශයට වාර්තාගත ටෙස්ට් ජයක්

මාස 9කට පෙර කොදෙව් දේශයේදී බටහිර ඉන්දීය කොදෙව් පිල හමුවේ තරග 2-0කින් ටෙස්ට් තරගමාලාව පරාජයට පත්වීමේ වාඩුව කදිමට පිරිමසා ගත් බංග්ලාදේශ පිල ඊයේ ඩකා නුවරදී නිමාවට පත්වූ කොදෙව්වන්ට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමකින් සහ ලකුණු 184ක වාර්තාගත ජයක් අත්කර ගැනීමට සමත්විය. මෙය බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඔවුන් ඉනිමකින් තරගයක් ජයගත් පළමු අවස්ථාව වු අතර තරගය දින 3කින් නිමාවට පත්විය.

බංග්ලාදේශයට ඓතිහාසියක ටෙස්ට් තරගයක් සහ තරගමාලා ජයක් අත්කරගැනීමට විශිෂ්ට දායකත්වයක් ලබාදුන් පිටදඟ පන්දු යවන මෙහ්දි හසන් තරගය පුරා කඩුලු 12ක් දවාලමින් කොදෙව්වෝ අසරණ කළහ. ඔහු කොදෙව් පළමු ඉනිමේදී ලකුණු 58කට කඩුලු 7ක් දවාලු අතර දෙවැනි ඉනිමේදී ලකුණු 59කට බිඳ දැමූ කඩුලු සංඛ්‍යාව 5කි.

මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ පිල සිය පළමු ඉනිමට ලකුණු 508ක් රැස් කළ අතර කොදෙව් පිල පළමු ඉනිමේදී ලකුණු 111කටත්, දෙවැනි ඉනිමේදී ලකුණු 213කටත් දැවී ගියේය.

දෙපිල අතර චිතගොන් නුවර පැවැති පළමු ටෙස්ට් තරගය බංග්ලාදේශය ජයගත්තේ ලකුණු 64කිනි. බංග්ලාදේශය ටෙස්ට් තරගමාලාවක් ජයගත්තේ වසර 4කට පසුවය. කඩුලු 12ක් දවාලමින් 21 හැවිරිදි මේ පිටදඟ පන්දු යවන්නා සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට පෙර 2016 වසරේදී මේ ක්‍රීඩාංගණයේදීම එංගලන්තයට එරෙහිව ඔහු කඩුලු 12ක් දවාලූවේ ලකුණු 159කටය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();