Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රංගන වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් සමඟ ප්‍රජා සත්කාරයේ

ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධාන කළ ප්‍රජා සත්කාරක වැඩසටහනක් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මරදාන ලෝරිස් ළමා නිවාස පරිශ්‍රයේදී සිදුකෙරුණි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන් අසූ දෙනකු පමණ සාමාජිකත්වය උසුලන ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමයේ වාර්ෂික වැඩ සටහන් මාලාවේ පළමු වැනි ප්‍රජා සත්කාරක වැඩසටහන ලෙස මෙය සංවිධාන කෙරුණි.

ලෝරීස් ළමා නිවහනේ දිවි ගෙවන පාසල් සිසුවියන් 24කට දහම් පාසල් අධ්‍යාපනය උදෙසා ළමා සාරි ප්‍රදානය කෙරුණු අතර ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩක චාමර සිල්වා, පානදුර රංග ෂොපින් සෙන්ටර් අධිපති ශානක මධුරංග මහතාගේ අනුග්‍රහය හිමිවිය.

හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රංගන හේරත් අතින් පාසල් සිසුවියකට ළමා සාරි ප්‍රදානය කළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();