අසෝක හිඳගොඩ මාතලේ දිසා විශේෂ
වසර 1818 නිදහස් අරගලයට නායකත්වය දුන් වීර මොනරවිල කැප්පෙටිපොළ, වීර මඩුගල්ලේ ඇතුළු විරුවන් දැයෙන් සමුගෙන වසර 200ක් පිරිම නිමිත්තෙන් මාතලේදී පැවැත්වෙන උත්සවයට සමගාමීව පැවති විරු සමරු මාර්ග ධාවන තරගයේ ශුරයා ලෙස මාතලේ හින්දු ජාතික පාසලේ එම්. පුෂ්පකුමාර් අභිශේක ලැබීය. එහි දෙවැනි ස්ථානය එම්. ප්‍රශාන්ත් විසින්ද තෙවැනි ස්ථානය එස්. ශෂිකුමාර් විසින්ද දිනාගත්හ.
පළමු ස්ථාන දිනාගත් ක්‍රීඩකයන් තිදෙනාම මාතලේ හින්දු ජාතික පාසලේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වීම විශේෂත්වයකි. පෙරේදා මාතලේ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැති කි.මි. 12 දුරැති මෙම මාර්ග ධාවන තරගයේ ආරාධිත අමුත්තන් ලෙස වීර මොනරවිල කැප්පෙටිපොළ ජාතික පදනමේ සභාපති වෝල්ටර් තැන්න , ලේකම් ඩබ්.එම්. සෝමරත්න බණ්ඩාර, තරග සංවිධායකයන් වු මහින්ද දූල්ලෑව සහ මහින්ද ඇල්ලේපොල යන මහත්වරුන්ද එක් වුහ.

0 Comments