Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උපකාරක පන්ති තහනම් වෙයි.

Tution_Clases

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට(31) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී. හෙට මධ්‍යම රාත්‍රී 12.00 සිට සැප්තැම්බර් මස පළමුවනදා දක්වා මෙම තහනම් බල පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ  සිටී.

මීට අමතරව මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව ද උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු මස පළමුවන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට විභාගය අවසන් වන තුරු තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

ඒ අනුව එම විභාගවලට අදාළව අදාළ කාල පරාසයන් තුළ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම, මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම, අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම හා බෙදාහැරිම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම තහනම් වෙයි.
එමෙන්ම යම් අයෙකු හෝ ආයතනයක් මෙම නියෝග නොසලකා කටයුතු කලහොත් ඔවුන් විභාග පනත යටතේ වරදකරුවන් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත වැඩිදුරටත් සදහන් කර සිටී.

The post උපකාරක පන්ති තහනම් වෙයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();