Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අද සිට දුම්රිය වර්ජනයකට.

Train Stricke

දුම්රිය රියැදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධීපතිවරුන් අද(30) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව වාර්ථා වේ.

දුම්රිය එංජින් රියදුරුවරුන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ සඳහන් කර ඇත්තේ  දුම්රිය සේවා ශ්‍රේණි 4ක සහ අධීක්ෂණ කළමනාකරණයට අදාළව පවතින වැටුප් විෂමතාව නිවැරදි කිරීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. කෙසේ වෙතත් මෙතෙක් කිසිදු බලධාරියෙක් මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට යොමු වීමට කථා කර නොමැති බවත්, එම නිසා නිසැකයෙන්ම අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනය සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

The post අද සිට දුම්රිය වර්ජනයකට. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();