ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට නව අත්දැකීමක් එක්කරමින් ප්‍රථම වතාවට ‘ක්‍රිකට් මාස්ටර්ස්’ ක්‍රමය පසුගියදා කදාන කේ ෂොන් හිදී හඳුන්වා දෙන ලදී.
ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ගේප්‍රදානත්වයෙන් ආරම්භ වූ මේ ක්‍රීඩා විලාශය තුළින් කෘතිම ක්‍රීඩා කාමරයක් තුළ සජීවී ක්‍රීඩා පිටියක අත්දැකීමක් ලබා දීම මෙහි විශේෂත්වයක් වේ. තමා තෝරා ගන්නා ඕනෑම ලොව ප්‍රචලිත පන්දු යවන්නෙක් තිරයේ දිස්වන අතර එම ක්‍රීඩකයා දිවවිත් රූපවාහිනී තීරයේ පන්දුව එවන විට ක්‍රිකට් මැෂිමක් ආධාරයෙන් පන්දුව විසිවෙන අතර ඊට පහරදිමට ක්‍රීඩකයකුට අවස්ථාව හිමිවේ.
මෙහිදි ක්‍රීඩා පිටියක වටපිටාව තාක්ෂණය ආධාරයෙන් පිළිබිඹු වේ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ධම්මික ප්‍රසාද් ප්‍රකාශ කළේ ආධුනික ක්‍රීඩකයන්ට මේ තුළින් දක්ෂතා වර්ධනය කරගත හැකි වන බවයි. මේ ක්‍රීඩාව දැනට ඉන්දියාවේ ප්‍රචලිතව පවතී.
කදාන සමූහ මොර්ගොඩගේ පින්තු
0 Comments