ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය (SLARDAR) හා ආසියානු මෝටර් රථ ධාවකයන්ගේ ක්‍රීඩා සමාජය (AMRC) එක්ව හච් ටෙලිකොමිනිකේෂන් පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇති සංවිධාන කරන “හච් ශ්‍රී ලංකා සුපර්සීරීස්” මෝටර් රථ හා යතුරුපැදි තරගාවලියේ සිවුවැනි අදියර ලෙස සංවිධානය වන ‘කමාන්ඩෝ චැලෙන්ජ් සුපර්ක්‍රොස් 2018’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය අගොස්තු 5 වැනිදා ඌව කුඩා ඔය කමාන්ඩෝ රෙජිමේන්තු පාසලේදී පැවැත්වේ.
යතුරුපැදි තරග ඉසව් 10කින් හා මෝටර් රථ තරග ඉසව් 12කින් සමන්විත කමාන්ඩෝ චැලෙන්ජ් සුපර්ක්‍රොස් තරගාවලිය පිළිබඳ මාධ්‍ය හමුවක් පසුගියදා ගනේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු නිලධාරි නිවස්නයේදී පැවැත්විණි.
කමාන්ඩෝ රෙජිමේන්තුව සමග එක්ව දෙවසරක් ඉතාමත් සාර්ථක තරගාවලියන් දෙකක් සංවිධාන කරමින් මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ නියැතු ක්‍රීඩකයන් වෙත නවමු අත්දැකීමක් ගෙන ඒමට සමත්වීමත්, ජාත්‍යන්තර තරග අත්දැකීමක් ඒ තුළින් ක්‍රීඩකයන් වෙත ලබාදීමට හැකිවීමත් සම්බන්ධනයෙන් තම සංගමය සතුටට පත්වන බව ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) වත්මන් සභාපති කාමිල් හුසේන් එහිදී පවසා සිටියේය.
එමෙන්ම ක්‍රමක් ක්‍රමයෙන් පැමිණි ගමනේදී කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් ධාවන පථය ජාත්‍යන්තර ප්‍රමිතිගත ධාවන පථයක් ලෙස නිර්මාණය කර ඇති බවත්, මෝටර් රථ ධාවන පථය 1.8 කින් සමන්විත දිර්ඝතම මෝටර් රථ ධාවන පථය වන අතර යතුරුපැදි ධාවන පථයද ඒ හා සමානම උද්වේගකර කිලෝමීටර් 1.5කින් සමන්විත අභියෝගාත්මක ධාවන පථයක් වන බවත් පැවසූ ඔහු මේ වසරේදී මෙරට ක්‍රීඩාවේ විශාලතම ත්‍යාග රැගත් හච් ශ්‍රී ලංකා සුපර් සීරීස් තරගාවලිය එළි දක්වා ඇති අතර අනාගතයේදී මෝටර් රථ ක්‍රීඩාව වෙනුවෙන් තම සංගමය මීට වැඩි දායකත්වයක් සැපැයීමට බලාපොරොත්තුවන බවත්, ජාත්‍යන්තරයට යන මෝටර් රථ ක්‍රීඩාවේ නියැලෙනන ක්‍රීඩකයන් දිරිගැන්වීම තම සංගමයේ ඒකායන බලාපොරොත්තුව බවත් පවසා සිටියේය.
කොමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ආර්. ඒ නුගේරා සඳහන් කළේ පසුගිය වසර දෙකේදිම සිදුකළ ආකාරයට මෙවරද මෝටර් රථ ධාවන තරග ලෝලීන්ට ඉතා සමීපව හිඳ තරග උණුසුම උපරිම මට්ටමින් රසවිඳිය හැකි ආකාරයට මෙවරද තරගාවලිය පැවැත්වෙන බවයි. මෙරට ඉතිහාසය තුළ කීර්තිමත් නාමයක් වන දුටුගැමුණු රජු සහ ඔහුගේ සේනාවෙහි පහස ලත් භූමියක ඉදිකර ඇති මේ සුවිශේෂී ධාවන පථය ක්‍රීඩා ලෝලීන් අමන්දානන්දයට පත් කරවීමට සමත් ආකාරය තරග පැවැත්විය හැකි ආකාරයට සකසා ඇති බවද හෙතෙම සඳහන් කළේය. මේ ධාවන පථ සියල්ල විශේෂඥ උපදෙස් අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන්ට යටත්ව ඉදිකර ඇති බවත් එම ධාවන පථ වලදී සිය උපරිම දක්ෂතා දැක්වීමට තරගකරුවන්ට හැකියාව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) 35 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ‘හච් ශ්‍රී ලංකා සුපර්සීරිස් 2018’ තරග මාලාවේ ඓතිහාසික ධාවන තරගය වන කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් තරගාවලිය වෙයි. මෙවර කමාන්ඩෝ චැලෙන්ජ් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස සියැට් කැලණි ටයර් පුද්ගලික සමාගම කටයුතු කරන අතර එක්සයිඩ් බැටරි ගෙන්වා බෙදා හැරින බ්‍රවුන්ස් සහා සමාගම හා කොකා කොලා සමාගම සම අනුග්‍රහකයන් ලෙස කටයුතු කරයි.
මාධ්‍ය හමුවට කමාන්ඩෝ චැලේන්ජ් සුපර්ක්‍රොස් තරගාවලියේ සංවිධායක කමිටු සභාපති කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ආර්. ඒ නුගේරා, ශ්‍රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමයේ (SLARDAR) සභාපති කාමිල් හුසේන් මහතා, සියැට් කැලණි ටයර් ජාත්‍යන්තර පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (වෙළෙඳ) බ්‍රීෂ්ෆ්‍රී ලතීෆ් මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ සුභසාදන අධ්‍යක්ෂ බ්‍රීගේඩියර් බී.පී.එස්. ද සිල්වා, කමාන්ඩෝ රෙජිමෙන්තු බලකාධිපති බ්‍රිගේඩියර් ඒ.කේ. ජ.කේ. ඥානරත්න, මධ්‍යස්ථ ප්‍රධාන අන දෙන නිලදාරී බ්‍රිගේඩියර් ආර්.පී.ඩී.යු. රාජපක්ෂ යන පිරිස එක්විය.
0 Comments