සංචාරක ඉන්දීය අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් පිල අතර පැවැත්වෙන තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය (අද) පී.සරා ඕවල් පිටියේදී පැවැත්වේ.
ඉන්දියාව සමගින් සිවුදින ටෙස්ට් තරගාවලියේ දී ශ්‍රී ලංකා යොවුන් පිල මෙහෙයවූ වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ නිපුන් ධනංජය මේ එක්දින තරගාවලියේදීත් ශ්‍රී ලංකා යොවුන් පිලේ නායකයා ලෙස පත්කර තිබේ.
ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාගේ අනුමැතිය යටතේ පත්කළ යොවුන් සංචිතය මෙසේයි.
නිපුන් ධනංජය - නායක (ජෝශප් වාස් වෙන්නප්පුව), පසිඳු සූරියබණ්ඩාර (කොළඹ රාජකීය, නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව සා.සෙබස්තියන්), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද වි.), නිෂාන් මධුෂික - කඩුලු රකින්නා (මොරටු විද්‍යාලය), ලක්ෂිත රසාංජන (කොළඹ නාලන්දා), දුනෙත් වෙල්ලාලගේ (කොළඹ සා.ජෝශප්), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඩ්), අවිෂ්ක ලක්ෂාන් (කළුතර විද්‍යාලය), ශෂික දුල්ෂාන් (මාතර සා.සර්වේශස්), නවෝද්‍ය විජයකුමාර (කටුගස්තොට සා.අන්තෝනි), කලන පෙරේරා (ගල්කිස්ස සා.තෝමස්), නිපුන් මාලිංග (ගාල්ල මහින්ද), රුවින් පීරිස් (මහනුවර ත්‍රිත්ව), නවීන් නිර්මාල් (මීගමුව මාරිස්ටෙලා)
0 Comments