Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නීතිඥ සැමියා දින දහසක් රැඳවුම් භාරයේ

නීතිඥ බිරිය දරුවාත් කරපින්නා කිලෝ මීටර සියයක් පා ගමනක

රැඳවුම් භාරයේ සිටි නීතිඥ සැමියාට සිදු වූයේ කුමක් දැයි දැන ගැනීම සඳහා චීනයේ නීතිඥ බිරියක් බීජිං සිට ටියෑන්ජින් දක්වා පා ගමනක් ආරම්භ කළාය. කිලෝ මීටර් 100 ක් දුර මෙසේ ඇවිද යන්නේ තම දරුවා ද කර පින්නා ගත් ලි වෙන්සු නම් කාන්තාවකි.

ඇය පවසන්නේ ඇගේ සැමියා අත්අඩංගුවට පත් වී දින 1000 ක් ගත වී ඇති අතර මේ වන විට ඔහු ජීවතුන් අතර සිටිනවා ද යන්නවත් තමන් නොදන්නා බවයි.

වැන්ග් නම් මෙම නීතිඥවරයා ඇතුළු මානව හිමිකම් ක්‍රියාකාරීන් 200 දෙනකුට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්ව ඇත්තේ 2015 වසරේ අගෝස්තුවේ රට පුරා පැවැති උද්ඝෝෂණයක් අතරතුරය.

දින 12ක් පුරා ගමනේ යෙදෙමින් තම ස්වාමි පුර්ෂයාට සිදු වූ දේ අනාවරණය කිරීමට බලධාරීන්ට බල කරන බව ලී වෙන්සු පවසයි. තම ස්වාමියාගේ නීතිඥවරයාටවත් ඔහුව හමු වීමට අවස්ථාව නැති වට පිටාවක තවමත් මෙම රට නීතියට අනුව පාලනය කිරීමේ ප්‍රතිපත්තියේ සිටීදැයි ඇය ප්‍රශ්න කර සිටියි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();