යූ ටියුබ් අඩවියේ පවත්වාගෙන ගිය පෞද්ගලික ගිණුමක් ඔස්සේ ප්‍රචාරය කළ වීඩියෝ පට එම ආයතනය විසින් නිරීක්ෂණය කර ඉවත් කරනු ලැබීමෙන් කෝපයට පත් වීම හේතුවෙන් තිස්නව හැවිරිදි නසීම් අග්දම් නමැති කාන් එම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. තම වීඩියෝ පට ඉවත් කිරීම නිසා ඇයගේ ආදායම පහළ වැටීම ඊට අදාළ හේතුව වන්නට ඇති බව පොලිසිය සඳහන් කරයි.
ඇය පෞද්ගලික 'යූ ටියුබ්' නාලිකාවක් සහ වෙබ් අඩවියක් ඔස්සේ සත්ත්ව හිංසනය ඇතුළු විවිධ මාතෘකා ගැන වීඩියෝ පට ප්‍රචාරය කර ඇති බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත්, පොලීසිය ඇය ගැන වැඩි දුර විස්තර හෙළි කර නොමැත.
ඇය මස් මාංශ ආහාරයට නොගෙන තම ශරීරයේ මස් පිඬු වර්ධනය කර ගන්නා කාන්තාවක් ලෙස මෙන්ම කලාකාරිනියක් සහ 'රැප්' ගායිකාවක් ලෙසද හඳුන්වනු ලබයි.
උතුරු කැලිෆෝනියාවේ පිහිටි යූ ටියුබ් මුලස්ථානයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනකු ඇතුළු තිදෙනකු දරුණු තුවාල ලබා ඇති බව වාර්තා වූයේ පෙරේදාය. මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ කාන්තාවක විසින් බව ද බරපතළ තුවාල ලබා ඇති අයකු ඇයගේ පෙම්වතා බව ද වැඩි දුරටත් මාධ්‍ය වාර්තා කළේය. මෙම වෙඩි තැබීම සිදු කළ තැනැත්තිය ද වෙඩි තබා ගෙන සිය දිවි හානි කර ගෙන ඇති අතර තුවාල ලැබූ පුද්ගලයා 36 හැවිරිදි වියේ පසුවන අතර කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 27 පසුවෙති.
0 Comments