සොරකම් නොකරන, බොරු නොකියන අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය ගෙන ආ අය එය විවාදයට ගන්නා අවස්ථාවේ දී පාර්ලිමේන්තු සභා ගැබේවත් නැතැයි විදේශ රැකියා සහ ඩිජිටල් යටිතල පහසුකම් සහ විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ පැවසීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව පෙරේදා (04) විවාදයට ගත් අවස්ථාවේ දී ඒ මහතා මේ බව පැවසීය.
විශ්වාසභංග යෝජනාව ගෙනාවේ දූෂණ සහ වංචා වහගන්නයි
- ඇමැති රාජිත සේනාරත්න
රට පෙරදැරිකරගෙන තමයි අපි හැමදාමත් ක්‍රියාත්මක වෙන්නේ
- ඇමැති ටී බී ඒකනායක
විශ්වාසභංගයට අපි සහාය දෙන්නේ අනවබෝධයෙන් නොවෙයි
- අනුර දිසානායක
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා (ජවිපෙ) - මේක දේශපාලන විශ්වාසභංගයක්. මිට පෙරත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් වුණා. ඒ විශ්වාසභංගයේ දී බැඳුම්කර සිද්ධිය තිබුණා. මෙහි දේශපාලන අරමුණු තිබෙනවා. මෙයට අපි සහාය දෙන්නේ අනවබෝධයෙන් නොවෙයි. අපිට විටින් විට වෙන අය කර කියනවා රාජපක්ෂ කඳවුරට උත්තේජනයක් ඇති වෙනවා නේද කියා අහනවා. රාජපක්ෂ උත්තේජනයක් ඇති වෙන පනත් ගෙනාවේත් රනිල් මෛත්‍රී පෙළමයි. යළි රාජපක්ෂ කඳවුරේ භිතිකාවක් තිබෙනවා නම් එය රනිල් වික්‍රමසිංහ අතේ හෝ මෛත්‍රී අතේ නොවෙයි තිබෙන්නේ. මෙහි ජයග්‍රහණයක් වුණත් පැරදුනත් සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතයට බලපන්නේ නැහැ. කවර වර්ගයේ ආණ්ඩුවක් හැඳුනත් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙයි කියා අප දන්නවා. ඒ දැන දැන තමයි අපි සහාය ලබාදෙන්නේ. ඇයි ඒ. මෙහි සටහන් දෙකක් තිබෙනවා. බැඳුම්කර ජනාධිපති කොමිසම හා කෝප් කමිටුව වාර්තා පදනම් කරගෙනයි. නුවර ඇතිවූ සිද්ධියේදී නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරිමට රනිල් වික්‍රමසිංහ මහතා අසමත්වීම. හොරකමට හා ජාතිවාදයට එරෙහිවිම මෙහි සඳහන් වෙනවා. නමුත් මේක අත්සන් කර තිබෙන්නේ හොරකමේ කප්පිත්තන් හා ජාතිවාදයේ කරවටක් ගිලී ඉන්න වුණුත් අත්සන් කර තිබෙනවා. මේ සිදුවීම්වලට පමණක් නොවෙයි මෙම විශ්වාසභංගයට තවත් අතුළත් විය යුතුයි.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා (එජාප) - මෙය අපට වෙස්වලාගෙන ආ ආශිර්වාදයක්. එජාපය තවත් ශක්තිමත් කරමින් ආණ්ඩුව ඉදිරියට කරගෙන යාමට අප කටයුතු කරනවා. ශුද්ධ ආණ්ඩුවක් ලෙස අපට දැන් ඉදිරියට යා හැකියි.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා -
පළාත් පාලන මැතිවරණයෙන් පසුබෑමකට ලක්වූ අපව නැවතත් ජයග්‍රහණයකට ඔසවා තැබූ ඒකාබද්ධයට, මහින්ද රාජපක්ෂට, මැතිවරණ කොමසාරිස්වරයාට ස්තුතිවන්ත වෙනවා. පළාත් පාලන මැතිවරණයේ දී ලබාගත් ජයග්‍රහණයත් අද පොහොට්ටුව නැති කර ගත්තා. අද විශ්වාසභංගය ගෙනවිත් අපට ඔක්සිජන් ලබාදුන්නා. 2020 ජනාධිපතිවරණයට ශක්තිමත්ව සූදානම් වෙනවා.මේ විශ්වාසභංගය ගෙනා අය කුඩු කන්ටේනර් ගෙනාවා හිටපු අගමැතිවරයගේ අත්සන යොදාගෙන. එදා ඔවුන් විශ්වාසභංග ගෙනාවේ නැහැ. අද විවිධ චෝදනා කරන මඩගහන අය ඔවුන්ගේ පවුල් ජීවිතයවත් නිසි ආකාරයට ගෙවන්නේ නැහැ. බයිසිකලයක්වත් නැති අය අද කෝටිපතියෝ වූ අයයි. විශ්වාසභංගය ඒකාබද්ධය පාරාවලල්ලක් වෙලා තිබෙනවා. අදින් පසු අපි ශක්තිමත්ව අඩුපාඩු හදාගෙන 2020 මැතිවරණය ඉලක්ක කරගෙන තිබෙනවා. අපිට ආර්ථිකය ශක්තිමත් කරන්න. බැඳුම්කර ගනුදෙනු 2008 සිට වී තිබෙනවා. 2015 සිද්ධියට අගමැතිවරයා කොමිසමට මුහුණදී තිබුණා.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචිනිලමේ මහතා - පසුගිය දවස්වල මට දුරකතන ඇමැතුම් ආවා. මගෙන් ඇහුවා ඔයාට දහසක්ද ඕනේ දෙදහසක්ද ඕනේ කියා. මම රත්නපුරේ සිට ත්‍රිකුණාමලයට ගිහින් මැතිවරණය දිනලා පාර්ලිමේන්තුව ආවේ. භූමියේ දේශපාලනය හඳුනන්නේ නැතිනම් දේශපාලනය කරන්න බැහැ. මට අනෙක් අයට වගේ උපාධි නැහැ. එජාප නායකයා විදිහට කතා කරන්න මට අයිතියක් නැහැ. එජාප මන්ත්‍රීවරු එය බලාගත්ත දෙන්. බැඳුම්කරේ නීතිය අනුව ක්‍රියාත්මක වෙයි. අද අපට තිබෙන්නේ අපේ ආත්මගරුත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ශ්‍රීලනිපය ආරක්ෂාකරන්න නම් බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ආරක්ෂා කරන්න නම් මා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදෙනවා. අපි ක්‍රියාවෙන් ඔප්පු කරන්න ඕන.
සමාජ සුබසාධන හා සමාජ සේවා නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා - අවිශ්වාසභංගයක් ගැන තමයි අද අප කතා කරන්නේ. ලෝකයේ පාලකයින් ඉන්නවා තමුන්ම ස්වංවිවේචන කළ අය. මහත්මා ගාන්ධි ස්වං විවේචන කළා. අපේ රටේ අය එසේ කරන්නේ නැහැ. මෙතන බැඳුම්කර වංචාවක් වෙලා තිබෙනවා කියා මා කිව්වා. නමුත් අධිකරණයකින් මේ පිළිබඳ වැරදිකරු ලෙස නම් කර නැහැ. මෙතන ඉන්න බොහොම දෙනෙක් ටැක්ස් වංචා කර තිබෙනවා. මමත් පර්මිට් එක විකුණා තිබෙනවා. අපේ වැරැදි අපට කියන්න පුළුවන් වෙන්න ඕන. බිලියන 12ක් බ්ලොක් කර තිබෙනවා. එවැනිදේ කරන්න පුළුවන් වෙලා තිබුණේ යහපාලන රජය නිසයි. මේ සංස්කෘතියට මා කැමැතියි. හොරු ගහගන්නට කැමැතියි. ඉස්සර හොරුන්ට ගහගන්න යුගයක් එනවා. හොරු අහුවෙන්නේ හොරු සහ බිරිය ගහගත්තමයි. අද සිදු වෙන්නේ ඒ දේයි.මෙයි ප්‍රතිඵලය පොදු ජනතාවට ලැබෙනවා. දරුවො කළදේට තාත්තා පලිනැහැ. හොරු හොකරම් කර තිබෙන්නේ අහිංසක අයගේ සල්ලි. වංචා කළ අයට යාදෙන්නේ නැහැ. ලේ බඩයනවා. පසුගිය කාලයේ මහා වංචා වෙද්දි නිහඩව හිටිය අය අද කෑගහනවා.
ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා -
ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර තිබෙනවා නම් අගමැතිතුමා වැරැදිකරුවෙක් කියා මේ විවාදය අවසානයට පෙර පෙන්වන්න. පිටු අංක 931 අර්ජුන් මහේන්ද්‍රන් මහතා හිතාමතාම අගමැතිවරයාගෙන් කරුණු වසන්කර තිබෙන බව. බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට තිබෙන අනවබෝධය නිසා රජයට පාඩුවක් වී නැහැ. පර්පචුවෙල් සමාගම ලියාපදිිංචි කරන්නේ 2013දීයි. මහින්ද රාජපක්ෂගේ කාලයේදී තමයි මේ ආයතනය ලියාපදිංච් කළේ. රජයට මඩ ගැහිමේ ව්‍යාපාරයක් තමයි අද ගෙනවිත් තිබෙන්නේ. අගමැතිවරයා මේ කර තිබෙන්නේ ශ්‍රේෂ්ඨ විවාදයක් ලබාදී තිබෙනවා. අගමැතිතුමා රටත් ලෝකයත් දිනාගත් නායකයෙක්. එතුමා දුර්වල නායකයෙක් නම් ඔහෙමෙ ඉන්න අරින්න. ඔබලා මඩ ගහන්නේ එතුමා ශක්තිමත් නායකයෙක් නිසයි.
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා (එජාප) - ඒකාබද්ධය ගෙනා විශ්වාසභංගය භංගත්වයට පත් වෙන්න සූදානම් වෙන්නේ. කන්දක් විළිලාලා මීපැටියෙක්වත් වදන්න ඒකාබද්ධයට බැහැ. විශ්වාසභංගය ගෙනාපු අයගේ විශ්වාසය 2015 භංගවුණා. ලාහට ගෙම්බො අහුලලා තමයි අද මේ අය දින්න හදන්නේ. ගම්මන්පිල කිව්වෙ කොහොමද හෙට ඉරපායන එක විශ්වාසනම් අගමැතිවරයා පරාජය කරන එක විශ්වාසයි කියා. මේ අය සිහින දකින්නේ අගමැතිකමට මහින්ද රාජපක්ෂ මහත්තය පත් කරන්නයි. නමුත් 30 වන වගන්තිය අනුව දෙවරක් ජනාධිපතිවරයකු වූ අයකුට අගමැතිධුරය හොබවන්න බැහැ.
ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා -කෝප් සමාජිකයකු හැටියට මෙතන බැඳුම්කර වංචාවක් වෙලා තිබෙනවා. කවුරු මොනව කිව්වත් මෙතන වංචාවක් වෙලා තිබෙනවා. මේ විශ්වාසභංගය කවුරු ගෙනාවත් මේ කරුණුවලට මට එකඟ වෙන්න සිදු වෙලා තිබෙනවා. 2015 දී අපි වැඩ කළේ මහින්ද රාජපක්ෂ මහතාටයි. මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කර පක්ෂය භාර ගත්තා. මහ මැතිවරණයෙන් පසු යුනිටි ගවන්ට්මට් එකක් හැදුවා. ජාතික සම්පත් විකිණීම පිළිබඳ අප කැබිනට් එකේදි කතා කළා. ශ්‍රීලනිපය හැටියට අපි දරන මතවාදය අපි කියනවා. මන්ත්‍රීවරු තීන්දුවක් ගත්තා විශ්වාසභංගයට පක්ෂය ඡන්දය දෙනවා කියා. නමුත් අද සමහරු එන්නේ නැතුව ඉන්න කටයුතු කර තිබෙනවා. එජාප නායකතුමා අයින් කරන්න අපට උවමනාවක් නැහැ. කැබිනට් එකේ ප්‍රධානියා ජනාධිපතිතුමා. අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ තවත් සාමජිකයකු පමණයි. එකතු වෙලා යන්න ඕනෙ නැහැ කියා ජනාධිපතිතුමා හෙට ගන්නවා නම් අපියන්න ලැහැස්තියි.අපි වෙනත් පක්ෂ හදන්න ගියේ නැහැ. එජාපයට බැහැ ශ්‍රීලනිප ගමන්මාර්ගය තීරණය කරන්න. ශ්‍රීලනිපයට බැහැ එජාපයේ ගමන් මාර්ගය තීරණය කරන්න. විශ්වාසභංගයට අත උස්සලා හෙට ගෙදර ගියත් කමක් නැහැ. අපිත් ඡන්දයක් ඉල්ලලා මෙතට අවේ. මුදල්වලට අපේ ඡන්දය ලබාදෙන්න අපි සූදානම් නැහැ. එට්කා ගිවිසුම විරෝධයක් තිබෙනවා. ත්‍රිකුණාමලය තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. කොළඹ වරායේ ජැටියක් සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඉන්නේ එජාප ආණ්ඩුවක නොවෙයි. අපි මුක්කු ගහන්න ඇවිත් නැහැ. මේ රටේ මිනිස්සු ඡන්දයක් දී තිබෙන්නේ යම් යම් කාරණයක් දිහා නැවත හැරී බලන්න. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල් වංචා කරනවානම් ඒවා යාදෙන්නේ නැහැ.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති හර්ෂ ද සිල්වා මහතා - දයාසිරි ජයසේකර මහතාගේ කතාවෙන් ඔප්පු වෙන්නේ එතුමා පිළිබඳ එතුමට විශ්වාසයක් නැහැ කියන එකයි. එතුමා තමන්ව විශ්වාස නැ කියලා කියනවා ජනාධිපතිතුමා කියනවනම් ආණ්ඩුවේ ඉන්නවා කියලා එතුමා කියන කතාවෙන් පෙන්නේ කොන්දක් නෑ කියන එකයි.කොන්දක් තියෙනවනම් කියන්න ඹ්නා මම විරුද්ධව ජන්දේ දෙනවා මම හෙට ආණ්ඩුවේන් යනවා කියලා.අපි ජයග්‍රහණය ගැන කතාකරන්න ඹ්නා නෑ මොකද මේ වෙලාවේ ගම්මන්පිල මන්ත්‍රිවරයා කියනවා ආණ්ඩුව අඩුම තරමේ ජන්ද හතකින් දිනනවා කියලා. අපි අපිට අවංක වෙන්න ඕනා ඒසේ නොමැතිව අපි සුදනෝ කිමෙන් පලක් නෑ
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා (එජනිස) - 2005 සිට 2015 දක්වා විශ්වාසය නැතිවෙලා තිබුණු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ විශ්වාසය ඇතිකරගන්න යහපාලනය අටවා ගත්තා.ජනාපතිතුමා ප්‍රමුඛ යහපාලනය අගමැති ගැන විශ්වාසය තැබුවා. නමුත් මේ අවුරුදු තුන තුළ කළ ක්‍රියාකාරකම් මොනවද ජනතාවට දුන්න මේ වරප්‍රසාද වලින් විශ්වාසය ඇති වුනාද අවුරුදු තුනයි දින 14ක් වන මේ ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය තිබුනනම් පළාත් පාලන ජන්දෙදි මේ ජන්ද ප්‍රථිඵලය ලැබෙයිද පළාත් පාලන 341 කින් 240 නැති වෙන්න තරම් ජනතා විශ්වාශය භංග වුණා.පොදු ජන පෙරමුණට ඒ පළාත් පාලන ආයතන හිමිවුණා. නමුත් අද මේ විශ්වාස භංගයට අත එසවෙන්නේ මන්ත්‍රි වරුන්ට ලැබෙන ලංසු මතයි එසවෙන අතේ කරුව නියෝජ්‍ය ඇමතිකමක් ,ඇමතිකමක් විය හැකියි.
නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මුලසුනට පැමිණියේය.
පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමී මහතා (එජාප) - එජාපයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන විශ්වාසභංගයකට කතා කරන්න ලැබෙන හොඳ අවස්ථාවක්. අගමැතිතුමා ජයග්‍රහණය කළාට පස්සේ ජනාධීපතිතුමා පත්කළ අගමැතිතුමා පත්වනවා පමණක් නොවෙයි පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය පෙන්වන මන්ත්‍රීවරයා බවටත් පත් වෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා (එජාප) - ඒකාබද්ධයෙ කල්ලි දෙකට බෙදිලා. බැසිල් කණ්ඩායම හා ශ්‍රීලනිප කණ්ඩායම. බැසිල් දැන් බලාගෙන ඉන්නවා මේ අය දණගස්වන්න. මේ දේශපාලන තීන්දු ගත්ත අය අද ඇණගෙන ඉන්නේ. අද ශ්‍රීලනිප කණ්ඩායම සුනුවිසුනු වෙලා ඉන්නේ. මේ අයගේ මුහුණු උදේ ඉදන්ම මැලවිලා ඉන්නේ. කුමන්ත්‍රණකරුවන් දැන් ඇමැතිකම් කරන්න පුළුවන්ද? ඒ අයට එක විශ්වාසභංග ගෙන එන්න පුළුවන් නම් අපිටත් විශ්වාසභංග සියයක් ගේන්න පුළුවන්. විශ්වාසභංගයට පක්ෂ වෙන ශ්‍රීලනිප අයට හෙට ඉදන් ආණ්ඩුවේ ඉන්න අයිතියක් නැහැ. අපි ඉන්න දෙන්නෙත් නැහැ. හෙට අනිද්දා එනවා විශේෂ අධිකරණ ඒවා අපි ක්‍රියාත්මක කරනවා. මේක තමයි හැරවුම් ලක්ෂය. මේ මාස 18තුළදි අපට නිවැරැදි මඟට ගමන් කරන්න පුළුවන්. ශ්‍රීලනිප ඇමැතුවරු මෙයට සහයෝග දෙන අය 2019 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත් වෙනවා.
කතානායක කරූ ජයසූරිය මහතා මුලසුනට පැමිණියේය.
ඉඩම් රාජ්‍ය ඇමැති ටී බී ඒකනායක මහතා - අපිට ඇමැතිකම් පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. යථාර්ථය තේරුම් ගනිමින් ඊට අනුව කටයුතු කළ යුතුයි. ජාතික සම්පත් විකුණමින් තිබෙනවා. මේවා බණ්ඩාරනායක ප්‍රතිපත්තියට පටහැනියි. ජෝන් ද සිල්වා රඟහල පෞද්ගලික අංශයට පවරන්න උත්සාහ කරනවා. මේවාට අපි විරුද්ධයි. බැඳුම්කර සිද්ධිය රටේ පොඩි දරුවාගේ පවා දන්නවා. රට කියන කාරණය පෙරදැරිකරගෙන තමයි අපි හැමදාමත් ක්‍රියාත්මක වෙන්නේ. අපි පක්ෂයට ආදරයක් ඇති අය නිසා මේ තීන්දුව ගන්නේ.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී චතුර සේනාරත්න මහතා (එජාප) - ඒකාබද්ධ විපක්ෂයේ සහෝදරවරුන් ලබාදුන් අවස්ථාවට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා වසර 24ක් තිස්සේ එජාප ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කර තිබෙනවා. මේ තත්ත්වය නිසා තමයි අලුත් ගමනක් යන්න අවශ්‍ය පිටිය සැකසී තිබෙන්නේ. බැදුම්කර ගනුදෙනුව පිළිබඳ මා එදත් කතා කළා. බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව එදා මා ඡන්දය භාවිත කළා. ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු හැටියට මට එදා එවැනි කොන්දක් තිබුණා. මේ බැදුම්කර ගනුදෙනුට එරෙහිවට එදා සටන් කරනවා වගේම ඒ වගේම අනෙකුත් වංචා පිළිබඳවත් සොයා බලා දඩුවම් ලබාදෙන බව කිව යුතුයි. යහපාලන ආණ්ඩුව තමයි ඇමැතිවරු තුන්දෙනක් ඉවත් කළේ. ඒ නිසා අපි ලක්ෂ 62ක ජනවරම ආරක්ෂා කරන බව කියනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී පෙරේරා මහතා - ජාතියම අහගෙන ඉන්න වේලාවේ රජය වසර තුනක් ආපු වේගය මගේ සතුටක් නැහැ. මේ ආණ්ඩුව වෙනුවෙන් සෑම දවසකම පෙනී ඉන්න කෙනෙක්. ජීවිත පරිත්‍යාගයෙන් මේ ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කළ කනෙක් වුවත් ආණ්ඩුවේ ප්‍රගතිය ගැන මට සතුටක් නැහැ. පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තීන්දුවක් ලබාදී තිබෙනවා. ජනතාවට දුන් පොරොන්දු අනුව කටයුතු නොකළොත් ඉදිරියේ මැතිවරණයේදී දේශපාලන කුණු බක්කියට දමන්න සූදනාම් බව කියා තිබෙනවා. රජය මේ ගමන් මඟේ හොඳදේවල් අරගෙන වැරැදි හදාගෙන ඉදිරියට යායුතුයි. මේ රජයේ ප්‍රතිපත්ති පිළිබඳ කළමනාකරණ අවශ්‍යයි. එජාපයේ නායක්තවය පිළිබඳ ප්‍රතිසංස්කරණය අවශ්‍යයි. ආණ්ඩුපක්ෂයේ ඉදගෙන අපේ පැත්ත හැරිලා අපට චෝදනා කරනවා. අපි පාක්ෂිකයාගේ තිබෙන වේදනාව අපිටත් තිබෙනවා. ඒ නිසයි අපි පක්ෂය තුළ ඉදගෙන සටන් කරන්නේ. අපරාධ පරීක්ෂණ බොහොමයක් අවසන්. සමහර පරීක්ෂණ අවසන් කර ගන්න බැරි වුණේ රජයේ ඉන්න එජාප නොවන ඇමැතිවරු නිසයි. මේ රටේ දුප්පත්කම තුරන්කිරීමේ ව්‍යාපාරය කුමක්වත් මේ වසර තුනෙදි කර නැහැ. සමෘද්ධි ව්‍යාපාරයේ ඉන්න ලක්ෂ 14ක ඡන්ද තිබෙනවා. ඒ අය පොහොට්ටු කණ්ඩායමට යන්න හැරියා. වැඩිහිටි දිමනා කැපුවා. එස් බී දිසානායක මහතා විරුද්ධ පක්ෂයට යන්න අපි සුබපතනවා. අපි බලයට පත් වෙන විට අපට වගකිම් පැවරුණා. ඉඩම් ඔප්පු ලබාදීමටම කටයුතු කරන්න තවම බැරි වුණා. ටී බී ඒකනායක මහතා අපිත් එක්ක මේ ඉඩම් ඔප්පු ලබාදෙන්න කටයුතු කළේ නැහැ. බිම් කට්ටි ලක්ෂ 23ක් ලබාදීමට කඩිනම් කරමු. අපට විරුද්ධව දේශපාලනය කළ දෙපැත්ත කාපු අය යන මොහොත මේක සුබ මොහොතක්. වසරක් ඇතුළත අපි නව නීති දාලා ඉඩම් ඔප්පු ලබාදෙමු.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතාන මහතා (එජාප) - 2015 සිට සමෘද්ධි ලබාදුන්නේ නැහැ. එයට එස් බී දිසානායක මහතා වගකිව යුතුයි. මේ විශ්වාසභංග ගෙනවිත් තිබෙන්නේ ගෝඨාභය කල්ලියේ උවමනාවටයි. මේ විශ්වාසභාංගයට පක්ෂව ඡන්දය දෙන අය හෙට එළිවෙන මේ රටේ ආණ්ඩුව හිටියොත් අපි ස්වාධින වෙනවා. අපි අපේ නායකයන්ට කියන්නේ මේ අය ඉවත් කරන්න කියායි.හෙට උදෙන් පසු දේශපාලනයෙන් අතුගා දැමීමට අප සහාය දෙනවා.
විදේශ රැකියා හා ඩිජිටල් යටිතල පහසුකම් සහ විදුලි සංදේශ ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා - සොරකම් නොකරන,බොරු කියන්නේ නැති අගමැතිවරයකුට විශ්වාසභංගයක් ගෙනාව නම් එය මෙයයි. මෙය තිර රචනය කළ, අංග රචනය කළ අය අද නැහැ. පාර්ලිමේන්තුවේ සල්ලි වියදම් කරලා පිස්සු විශ්වාසභංග ගෙනැල්ලා විහිළුවක් බවට ගෝඨාභය කල්ලිය සිදු වෙලා. ගම්මන්පිල කිව්වා අඩුම තරමේ හතයි වැඩිම තරමෙ පනස් අටක් කිව්වා. මේ පවුලේ ප්‍රශ්න ඕකමයි. අයිය එකක් කියනවා මල්ලි එකක් කියනවා. පුතා එකක් කියනවා. ඒ නිසා ඒකාබද්ධය හැමදාම නොමඟ යනවා. රනිල්ට බෑ කිව්වට මේ රටේ හතරවතාවක් අගමැති වුණු එකම පුද්ගලයෙක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා. මේ විශ්වාසභංගය ගෙනවිත් ඊළඟ මැතිවරණයේදී ජයග්‍රහී මාවතක් ඇති කර දුන්නා. අපි ඊළඟට පොහොට්ටුවේ පෙති ගලවනවා. ශ්‍රීලනිප ඇමැතිවරුන් 13යි අගමැතිට විරුද්ධව ඡන්දය දෙන්නේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු පක්ෂයේ බහුතරය නොවෙයි. ඒ නිසා ජනාධිපතිතුමාට කියනවා තීන්දු තීරණ කඩිනමින් ගන්න. රාජපක්ෂ ජනාධිතුමාගේ කාලේ අරලියගහ මන්දිරයේ බල්ලගේ කූඩුවෙත් ඒසී තිබුණා. අපේ නායකතුමා මේ වැනි සැප භාවිත කළේ නැහැ. මේක ඇතුලේ තිබුණේ ගේම් විතරයි. ගෝඨාභයගේ කල්ලියට උවමනා කර තිබුණේ ශ්‍රීලනිප කණ්ඩායමක් ඒ පැත්තට ගන්න. හෙටින් පසුව අලුත් එජාපයක් ඇතිවෙනවා. 2017 වසරේ තමයි විදේශ ආයෝජන වැඩියෙන්ම ආපු අවුරුද්ද. මේ ආණ්ඩුව කළ හොඳ ජනතාවට කියන්න බැරි වුණා. මහින්ද රාජපක්ෂ මහත්තයා අත්සන් කළේ නැහැ. කතාවත් කළේ නැහැ. ඡන්දය දෙන්න එයි. මේක අවුල් ගේමක් නේද? මේ ගේමට කර තිබ්වේ විමලෙයි ගම්මන්පිලයි විතරයි. මොනරු වලට විකුණු අය තමයි දන්නේ මොනරුගැන දන්නේ. මේ වාගේ අය කෝටි පහක්දීලා ගන්න අපට පිස්සුද? මේ ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිතුමාගෙන් හා අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ආණ්ඩුව සුද්ද කරන්න කියා.
පත්කළ මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා (එජනිස) - ශ්‍රීලනිප තුළ අපි පක්ෂය තුළ කතා කරලා විග්‍රහ කළා. පක්ෂයේ සභාපති හැටියට ජනාධිපතිතුමා සමඟ කතා කළා.
පක්ෂය ගත් මතය තමයි අපි අගමැතිවරයාට දැන්වුයේ. ඒ නිසා පෞද්ගලික ප්‍රශ්නයක් අගමැතිතුමා එක්ක නැහැ.
මම මේ පාර්ලිමේන්තුවේ ස්වාධීනව හැසිරී තිබෙනවා. කතානායක අසුනේ සිටින විට පාර්ශවයක් ගත්තා කියා කාටවත් කියන්න බැහැ. දියවන්නාවෙන් එළියේ මට දේශපාලනයනක් තිබෙනවා. ජනාධිපතිතුමා තමයි පක්ෂ නායකයවරයා. ශ්‍රීලනිප හැමෝම ප්‍රතිපත්තියක් හැටියට තීන්දුකර තිබෙන්නේ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙනවා.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා - 1994 සිට පාර්ලිමේන්තුවේ අපි ඉන්න කොට මෙවැනි විශ්වාසභංග යෝජනාවලට සහභාගී වෙලා තිබෙනවා. මේ වගේ අසූචි ගහපු එකක්නම් දැක නැහැ. මේ අය ටයි කෝට් මහගෙන හිටියෙ රෑට ආණ්ඩුව පිහිටුවන්න. කොමිසන් සභා 34ක වර්තා අපි ළඟ තිබෙනවා. ඒ අය ඔබලා ටික දවසකින් හමුවේවි. මේ ආණ්ඩුව ඉවර කරලා ලසන්ත මරපු ඒවා. එක්නැලිගොඩලා අතුරුදහන් කළ ඒවා බේරා ගන්න තමයි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ. මේව එනකම් කෑ ගහනවා. හෙට ඉදලා වැඩ අපි පටන් ගන්නවා. ජනාධිපතිට එක පැත්තකින් කතා කරලා අනෙක් පැත්තෙන් අගමැතිට කතා කරගෙන තමයි මේ අය වැඩ කළේ. මේ විශ්වාසභංග ගෙනා එක හොඳයි. කෝප් එක හදුන්නෙත්ති මහත්තයට දුන්නේ අගමැතිවරයා වැරැදි කරනවා නම් එහෙම කරනවාද? අපි හිටපු ගිය ආණ්ඩුවේ එහෙම කළේ නැහැ. බැඳුම්කරේ අලාභය රුපියල් බිලයන 11යි. රදවාගෙන තිබෙනවා බිලියන 12ක්. එන්ට්‍රස් සිකියුරිටි එක අලාභය බිලියන 12යි. එය නැවත අය කර ගන්න පුළුවන් වුණාද? බිලියන 4000කට වගකියන්න ඕන අය තමයි බිලයන 11කට විශ්වයාසභංග ගේන්නේ. උදයංග වීරතුංග ගෙනාවම ඉතිරි ගනුදෙනු විමර්ශනය යයි. මිග් ගනුදෙනු ඩොලර් මිලියන 4000ක් නැතිකළා. උදයංග වීරතුංග හැංගිලා ඉන්න කොට හිටපු ජනාධිපතිවරයා බැංකොක් යන කොට එහෙ හිටියා. එයාව ඇල්ලුවෙ කොහොමද අමෙරිකාවට යමින් සිටියදී. මොකටද ගියේ හිටපු ආරක්ෂක ලේකම් හමුවෙන්නයි. මිග් ගනුදෙනුවට ගිවිසුම් දෙකක් තිබෙනවා. යුක්ක්‍රේනයේ ආරක්ෂක ලේකම්වරයාගේ අත්සන් දෙකක් තිබෙනවා. මෙය පෙන්වන්න ගිය විට තමයි ලසන්ත වික්‍රමතුංග මැරුවේ. අපි පෙන්වන්නම් කවුද හොරු කියලා. අනෙක් කෙනා ජාලිය වික්‍රමසූරිය හැංගිලා. සාලිය වික්‍රමසූරිය ඇතුළු රාජපක්ෂලගේ ඥාතීන් ටික පිටරටවල හැංගිලා. උදයංග වීරතුංග හැංගිල ඉන්න කොට මේ අය එයාව ගෙන්වන්න කියන්නේ නැහැ. ආර්ථිකය කඩා වැටුණලු. මේ ආර්ථික තත්ත්වය එන නිසා තමයි වේලසනින් ජනාධිපතිවරණයට ගියේ. බිලයන 1042ක් ණය පොත්වල නැතුව හංගල අරගෙන තිබෙනවා. මේවගේ කවදාවත් රටක කරන්නෙ නැති දෙයක්. මහින්ද රාජපක්ෂ දවසක් මට කිව්වා පීබී ජයසුන්දර නූල් බෝලයක් වගේ කරගෙන ගිහින් තිබෙන්නේ. ඔහු නැතුව මේක කරන්න බැහැ කියා. 2020 වන විට ඩොලර් බිලියන 15 242ක් ගෙවන්න ඕන. හම්බන්තොට වරායට විතරක් මිලියන 9200ක් ගෙවන්න ඕන. එහි අදායම මිලියන 200යි. ඒ නිසා බදු ගිවිසුමට යන්න ඕන. කොළඹ වරාය නගරය සින්නකරව දී තිබුණේ. අපි එය නැවත පවරා ගත්තා. අධිවේගී මාර්ග ආරම්භ කළා. 2009 දී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, 2006 උදය පුවත්පතට ගිනිතියා හතරදෙනක් මැරුවා. නඩරාජා රවිරාජ් ඝාතනය කළා. ජෝශප් පරරාජසිංහම් ඝාතනය කළා. තජුඩීන් ඝාතනය කරන දවසේ කොල් 46ක් ගිහින් තිබෙන්නේ ජනාධිපති මන්දිරයෙන්.ජනාධීපති ආර්යාවයි මේ දුරකතන ලබාදුන්නේ මේක ගෙනා අය වැඩිහරියක් හොරු සහ මිනිමරුවන්. මේය මේ අයට පාරාවළල්ක් වේවි. තව ටික දවසකින් මේවා හෙළි වෙයි. උපනන්ද පෙරේරා ඝාතනයට දෙහිවල හිටපු නගරාධිපති චොදනා එල්ලවී තිබෙනවා. රංගජීව අත්අඩංගුවට ගෙන තිබෙනවා. හිරකරුවන් ඝාතනය කළා. 99දී ඝාතන සිදුමක්, එක්නැලිගොඩ අතුරුදහන් වූ හැටි හෙළිවෙයි. ලංකාවේ පාර්ලිමේන්තු මිනිස්සු හොරකම් කර තිබෙනවා. නමුත් සමහර නායකයන්ගේ අක්කගේ දුවගේ මගුල් කෑමටත් මුදල් අරගෙන තිබෙනවා. පෝද්දල ජයන්ත, සනත් බාලසූරියට පහර දුන්නා. මේවා එකින් එක අරගෙන පනත ගෙනවිත් දිනපතා නඩු අහනවා. මාස තුනෙන් තුනට එක්කෙනෙක් ඇතුළට යනවා. නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු වාංචාවක් කර තිබෙනවා. මිලියන 112ක් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකුටම චෝදනා තිබෙනවා. වරායේ හිටපු සභාපතිගේ මූල්‍ය වංචා වෙනම තිබෙනවා.
විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්විය.
පාර්ලිමේන්තුව යළි රැස්වේ.
0 Comments