Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියලු දෙනා සමඟ අලුත් ගමනකට මුලපුරනවා

Author(s): 
චමීර ඇල්ලදෙණිය

ආණ්ඩුවට සහාය දෙන සියලු දෙනා එකතු කරගෙන නව ගමනකට මුලපුරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මුලස්ථානයේ දී ඊයේ (5) පැවැසීය.

විශ්වාස භංගය පරාජය කිරීමට සහාය දුන් සැමට ස්තූතිය පළ කරන බව කී අගමැතිවරයා 2020 මැතිවරණවලට සුදානම් වීම සඳහා අලුත් මුහුණු ඉදිරියට ගෙන පක්ෂය ප්‍රති සංවිධානය කරන බවද සඳහන් කළේය.

විශ්වාසභංගය ජයගැනීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා‍ව ඉතා හරසර මැද පාක්ෂිකයෝ පළිගත්හ. ඉන් අනතුරුව පාක්ෂිකයන්ගේ සුව දුක් විමසමින් සුහද පිළිසඳරක යෙදුණු අගමැතිවරයා පාක්ෂිකයන් සකසා තිබුණු කිරිබත් අනුබව කර මැති ඇමැතිවරුන් හා පාක්ෂිකයන් සමඟ මදවේලාවක් රැඳී සිටිම ටද අමතක නොකකළේය. ඉදිරියට යාමට නැවුම් විශ්වාසයක් ගොඩනැගී තිබෙන හෙයින් අලුත් ගමන පහසුවෙන් යාමට හැකි වෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීම සඳහා සිරිකොත පක්‍ෂ මුලස්ථානයට මැති ඇමැතිවරු ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක් ද සුදානම් කර තිබිණි.

එහිදී අදහස් දැක්වූ අගමැතිවරයා,

වසර තුනකින් පසු මෙලෙස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳ අපි සතුටු වෙනවා. වැඩි ඡන්ද හතළිස් හයකට වඩා ලැබුණා. මේ විශ්වාසභංගය තිබුණේ මටත් ආණ්ඩුවටත් විරුද්ධවයි. ඒ නිසා මේ උදව් කළ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. අපිට අලුත් ගමනක යන්න තිබෙනවා. ආණ්ඩුවට සහාය දෙන සියලු දෙනාම එකතු කරගෙන ඉදිරියට යෑමට අප කටයුතු කරනවා. මේ දවස් කිහිපයේ දී අපි ඒ ගැන සාකච්ඡා කරනවා. මේ දවස් කීපයේ දී පක්ෂයයේ ප්‍රතිසංවිධාන ඇති කර අලුත් මුහුණු ගෙනවිත් 2020 මැතිවරණයට සූදානම් විය යුතුයි. අපිට ශක්තිමත්ව ඉදිරියට යන්න විශ්වාසය තිබෙනවා. ඒ නිසා යළිත් සියලුදෙනාට මා ස්තුතිවන්ත වෙනවා.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();