Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අංගොඩ ලොක්කාගේ ගෝලයෝ හතරක් දැලේ

Author(s): 
විජයානි එදිරිසිංහ

පාතාල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන දැනට විදෙස් රටකට පැනගොස් සිටින මාකඳුරේ මධුෂ්, අංගොඩ ලොක්කා යන පාතාල නායකයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් සියල්ල අත්අඩංගුවට ගැනීමට දෙස් විදෙස් සම්බන්ධව සිදුකෙරෙන විශේෂ මෙහෙයුමේ දී ඊයේ සහ පෙරේදා අංගොඩ ලොක්කාගේ ගෝලයන් සිවුදෙනකු සමඟ ආයුධ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය දින කිහිපය තුළ අතුරුගිරිය මාලඹේ සහ ඒ අවට ප්‍රදේශවල සිදුවූ පුද්ගල ඝාතන සහ මත්ද්‍රව්‍ය බෙදාහැරිම ඇතුළු අපරාධ ගණනාවක් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අංගොඩ ලොක්කාගේ ගෝලයන් වන්නේ ඔරුවල පදිංචි පොතුපිටිය කංකානම්ලාගේ ගයාන් සිල්වා හෝකන්දර පදිංචි ගනිතදේව සරත් කුමාර රත්නායක, හෝකන්දර උතුර පදිංචි යොහාන් ප්‍රදීප් සහ අතුරුගිරිය පදිංචි ක්‍රිෂාන් නිලංග දාබරේ යන අයයි.

පසුගිය සතියේ යතුරුපැදියකින් ගොස් පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම, මාලඹේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීම සහ අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට වෙඩි තැබීම ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇත්තේ මේ පාතාල අපරාධකරුවන් බවද මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

විදෙස් රටවල සිටින මදූෂ් සහ අංගොඩ ලොක්කාගේ සියලුම පාතාල අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පාතාල කණ්ඩායමේ විශාල පිරිසක් සිටින බව කියන පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සියලුදෙනා සමඟ රට සැඟවී සිටින මදූෂ් සහ අංගොඩ ලොක්කා ඇතුළු සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන අවසන් වන තෙක් මෙහෙයුම් සිදුකරන බවද පවසයි. මොවුන් විසින් අපරාධවලට යොදාගත් ගිනි අවි දෙකක්, යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක්, ජංගම දුරකතන, කඩු කිහිපයක් සහ පිහියා කිහිපයක්ද, ගිනි අවි උණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක්ද සොයාගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා, පොලිස් අධිකාරි ප්‍රියන්ත ලියනගේ, සහකාර පොලිස් අධිකාරි ශ්‍රීලාල් පෙරේරා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන සුභාෂන, රාජිත, ලක්මාල් ඇතුළු පිරිසක් මෙම මෙහෙයුම්වලට ලක්වී සිටිති.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();