Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය-නුගේගොඩ සා.ජෝන්ස් අද-හෙට ශ්‍රී ජයවර්ධනපුර සටනේ

කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය සහ නුගේගොඩ සාන්ත ජෝන් විදුහල අතර 22 වැනි වරට පැවැත්වෙන ‘ශ්‍රී ජයවර්ධනපුර සටන’ වාර්ෂික මහ ක්‍රිකට් තරගය අද (6) සහ හෙට (7) දෙදින කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තුන් ඉරියව් ක්‍රීඩක තිමිර මල්ෂාන්ගේ නායකත්වයෙන් ආනන්ද ශාස්ත්‍රාලය මෙවර තරගයට එක්වන අතර ඉසුරු අරවින්ද ජයසූරිය උප නායකයායි. සාන්ත ජෝන් විදුහල නුරාජ් ප්‍රසංගගේ නායකත්යෙන් තරග බිමට පිවිසෙන අතර තෙෂාන් මලින්ද උප නායකයායි.

වසර 1990දී ආරම්භ වූ මේ මහා තරගයේ මෙතෙක් පැවැති තරග අතුරින් දෙකක ජයග්‍රහණ අත්කර ගැනීමට ආනන්ද ශාස්ත්‍රාලය සමත්ව ඇති අතර අනෙක් තරග ජය පරාජයෙන් තොරව නිමාවට පත්ව තිබේ.

මෙවර පාසල් තරග වාරයේ තරග 10 කට සහභාගි වී ඇති ආනන්ද ශාස්ත්‍රාලය එක් පූර්ණ ජයක් සහ පළමු ඉනිමේ ජයග්‍රහණ 4ක් අත්කර ගැනීමට සමත්ව සිටී. මෙවර තරග වාරයේ දී සාන්ත ජෝන් විදුහලද තරගය 10කට සහභාගිවී ඇති අතර ඉන් තරග 5ක පූර්ණ ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්වීම කැපී පෙනෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();