Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මහනුවර මහ පුටුවට එජාපයේ කේසර

Author(s): 
ඉන්දික පොල්කො­ටුව
අසේල කුරුළුවංශ

මහනුවර මහ නගර සභාවේ නගරාධිපති ධූරයට එක්සත් ජාතික පක්ෂයේ කේසර දහම්සොඬ සේනානායක මහතා ඊයේ (05) තේරීපත් විය. මධ්‍යම පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතාගේ මෙහෙයවීමෙන් නගරාධිපති තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම නගර සභා ශාලාවේ දී ඊයේ (5) පස්වරු 3.30 ට සිදු කෙරුණි.

මහනුවර මහ නගර සභාවේ සභික ධූර 41 ක් සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් 19 ක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් 16 ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 03 ක් ජනතා විමුක්ති පෙරමුණෙන් 02 ක් හා එකමුතු ප්‍රගතිශීලි පෙරමුණෙන් 01 ක් වශයෙන් සභිකයන් තේරී පත්වූහ. නගරාධිපති ධූරය සඳහ එක්සත් ජාතික පක්ෂයෙන් කේසර දහම්සොඬ සේනානායක මහතාගේ නමද ශ්‍රීලංකා පොදු ජන පෙරමුණෙන් සේනා දිසානායක මහතාගේ නමද යෝජනා වීම නිසා විවෘත ඡන්ද විමසීමකින් නගරාධිපි තෝරාපත කර ගැනීම සිදුවිය.

ඡන්ද විමසීමේදී කේසර දහම්සොඬ සේනානායක මහතාට ඡන්ද 20 ක්ද සේනා දිසානායක මහතාට ඡන්ද 16 ක් ද හිමිවූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයින් තිදෙනා හා ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් දෙදෙනා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ. නියෝජ්‍යය නගරාධිපති ධූරය සඳහාද ඡන්ද විමසීමක් පැවැති අතර එයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉලාහි ආබ්දීන් මහතාගේ නමද ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් සරත් විජේසිංහ මහතාගේ නමද යෝජනා වූහ. එහිදී ඡන්ද 20 ක් ලබා ගනිමින් ඉලාහි ආබ්දීන් මහතා නියෝජ්‍යය නගරාධිපති ලෙස තේරී පත්වූ අතර සරත් විජේසිංහ මහතාට හිමිවූයේ ඡන්ද 16 ක් පමණි.

ඡයාරූපය-කුණ්ඩසාලේ සමූහ-සුනිල් ගුණවර්ධන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();