Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අමල් කරුණාසේකර අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, බුද්ධි අංශ අධ්‍යක්ෂ , විශ්‍රාමික මේජර් ජෙනරාල් ජාතික ආරක්ෂක විද්‍යාපීඨයේ සේනා විධායක අමල් කරුණාසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (05) දනේෂන් පුවත්පතේ හිටපු සමකර්තෘ මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්නකර අනතුරුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කරයි.

වසර 2008 මැයි 22 දින දෙහිවල දී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධියට අදාළව ඒ සඳහා ආධාර අනුබලදීමේ වරද මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

අසනීප තත්ත්වයේ පසුවෙමින් සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ එම ස්ථානයට ගිය රහස් පොලිසිය ඒ මහතාගෙන් පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසුව අත්අඩංගුවට ගත් බවද පැවසේ.

මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා විශ්‍රාමගොස් සිටි අතර පසුව යම්කිසි පදනමක් මත යළි ඔහු සේවයට සම්බන්ධකරගෙන සිටින බව පැවසේ.

කීත් නොයාර් මාධ්‍යවේදියාට නාඳුනන පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබූ අතර මේ සම්බන්ධ පරීක්ෂණයක් ඒ කාලය තුළ විධිමත්ව සිදුවී නොතිබුණි.

පසුව මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2016 වසරේ යළි පරීක්ෂණ ආරම්භ කෙරිණි. එහිදී කිහිප දෙනකුගෙන්ම ප්‍රශ්න කිරීම් සිදුවී තිබූ අතර එම තොරතුරුද පදනම්කර ගනිමින් මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගෙන් රහස් පොලිසිය ඊයේ මෙසේ ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

අමල් කරුණාසේකර මහතා බුද්ධි අංශ ප්‍රධානී වශයෙන් සිටි කාලය තුළ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධිය සිදුවී තිබුණි. එම පහරදීම සම්බන්ධයෙන් දැනට අධිකරණය හමුවේ නඩුවක්ද විභාග වේ.

එහිදී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතාගේ විදේශ ගමන් බලපත්‍රයද අත්හිටුවා තිබූ බවද වාර්තා වේ.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් භාරයේ යුද හමුදා ‍රෝහලේ නේවාසිකව සිටියි.

මේ පිළිබඳ ගල්කිස්ස මහේස්ත්‍රාත්තුමා වෙත දැනුම්දීමට නියමිතයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();