විශ්වාසභංගයට පෙර ප්‍රකාශ වූ ආකාරයට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (6),හෙට (7)සහ අනිද්දා (8)තෙදින සිදු කෙරේ.
මෙම දින තුනේ දී එම කටයුතු කඩිනම් කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පූර්ණ බලැති අධීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදු වන්නේ නිවාස හා ඉඳිකිරිම් අමාත්‍ය පක්ෂයේ නියොජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී.අලවතුවල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු අනුකමිටු වාර්තා පදනම් කරගෙනය. මෙම අනුකමිටු වාර්තා අගමැතිවරයාට භාර දීමෙන් පසුව අවශ්‍ය පියවර ගැනිම සඳහා පක්ෂයේ මහලේකම්වරයා වෙත භාර දි තිබුණු අතර ඒ අනුව සැකසුණු අවසන් ප්‍රතිසංවිධාන යෝජනාව 8 දා අගමැතිවරයාගේ අනුමැතිය සඳහා යොමු කෙරේ. ප්‍රතිසංවිධාන කටයුතුවලට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා පක්ෂයේ මෙතෙක් මහ ලේකම් ධුරය දැරූ කබීර් හෂීම් මහතා ඊයේ එම ධුරයෙන්ද ඉල්ලා අස්විය.
0 Comments