Ticker

6/recent/ticker-posts

Header Ads Widget

චිරං ජයතු! සුබ උපන් දිනක් ලෙස්ටර්

ජනපති මැදිහත්වීමෙන් ලක්ෂ පහක මාසික දීමනාවක්

ජාත්‍යන්තර කීර්තිධර මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබෙන අතර, ඒ නිමිත්තෙන් ඊෙය් (05) උදෑසන තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ජන්ම දින සුබපැතුම් පිළිගැන්වීය. අනතුරුව ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ සුවදුක් විමසමින් සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා ඒ මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.

එමෙන්ම ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟ එක්ව කේක් කපා ජන්ම දිනය සැමරීමට ද ජනාධිපතිතුමා එක්විය.

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර්ජෙම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සඳහා රුපියල් ලකෂ පහක විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිතුමා පසුගිය දා කැබිනට් අනුමැතිය ලබා ගන්නා ලදී.

යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිතුමා අතින් ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා වෙත පිළිගැන්විණි.

අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය


ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ 99 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සුනේත්‍රා පීරිස් මහත්මිය විසින් අධ්‍යක්ෂණය කළ වෛෂ්ණාවී සිංහල චිත්‍රපටයේ මංගල දර්ශනය නැරඹීමට ඊයේ 5 දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා රීගල් සිනමා හලට පැමිණි අවස්ථාව. එම අවස්ථාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ 99 වැනි ජන්ම දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් කැපූ අවස්ථාව.

ඡායාරූපය-හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();