Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විජයාරාම විහාරයේ ධම්මානන්ද හිමිගේ අත්භූත බලයන් ගැන කිසිවකු නොඇසූ විශ්මිත කතාවක් මෙන්න

නාගයින්ගේ සිත් වසගයට ගත් විජයාරාම විහාරයේ ධම්මානන්ද හිමිගේ අහ්භුත බලයන් ගැන කිසිවකු නොඇසූ විශ්මිත කතාවක් මෙන්න

දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුපැත්ත ග්‍රාමයේ කැලණි ගඟ අසබඩ(19) දහනමවන සියවසේ ඉදිකරනලද විජයාරාම විහාරය නඩත්තු කිරීම මඳ වීම නිසා අභාවයට යමින් තිබුණි. ආචාර්ය නිකවලමුල්ලේ සුමේධ හිමයන් වහාරස්ථානය පැරණි ආකාරයට ප්‍රතිසංස්කරනය කරමින් සිටිති.මෙම විහාරස්ථානයේ තනි කළු ගලින් පමණක් නිම කරන ලද චෛත්‍යයකි. මෙය 1948 වසරේ ආරම්භ කර 1961දී නිම කළ බව සඳහන්ය. කුඩා බුදු මැදුර ධර්ම ශාලාව, ආවාස ගෙය හා මදාරා ගසත් සමඟ ඇති බෝධියද ඉපැරණි බෞද්ධ සංස්කෘතියේ ශ්‍රීවිභූතිය විදහා දක්වයි‍. මේ ආකාරයට තනි කළු ගලින් පමණක් නිම කරන ලද තවත් චෛත්‍යයක් ලංකාවේ තවත් ඇත්නම් එය මන්නාරම පිහිටා ඇතැයි සඳහන් වේ.

මෙම විහාරස්ථානයේ නිර්මාතෘ ධම්මානන්ද නම් ආරණ්‍යගත ස්වාමීන්වහන්සේ නමකි. චෛත්‍යය තනා නිමකර තෙමසක් ගතවීමෙන් පසු උන්වහන්සේ අපවත් වී තිබේ. අපවත් වන විට උන්වහන්සේ අසූදෙවැනි වියේ පසු වූහ‍. මෙම හිමියෝ සෙත් පිරිතෙන් ලෙඩ සුවකිරීම, යක්ෂ-ප්‍රේත දෝෂ ඇතැයි කියන, දරුණු මානසික රොගීන්ට නේවාසිකව ප්‍රතිකාර ලබා දීමට කටයුතු කර ඇති අතර උන්වහන්සේට අපූරු බලයක් තිබූ බව පැරැණියෝ පවසති. චෛත්‍යය සෑදීමට ගල්කඩා තිබූණේ මීටර්500 පමණ දුරින්ය. උන්වහන්සේ ගමේ තරුණයින් පහලොස් දෙනකුපමණ කැඳවා කඩා ඇති ගල් පන්සලට ගෙනැවිත් දෙන ලෙස පවසා ඇත. ඔවුන්ට දවල් දොළහ පමණ වනතුරුත් ගෙන ආ හැකි වූයේ එක ගලක් පමණි. තරුණයන්ට තේ පැනින් සංග්‍රහ කළ ලොකු හාමුදුරුවන් වහන්සේ දැන් එකක් හරි ගෙනාවනේ කියා තරුණයින් පිටත් කළසේක.

අදහාගත බැරි දෙයක් සිදු වී ඇත. පසුදා උදයේ අර කඩා තිබූ ගල් සියල්ල පන්සල් මිදුළේය. මේ හාමුදුරුවෝ පළමුවෙන්ම අසල කැලෑවක් ඇති හඳමුනා කන්දේ ලෙනක වැඩ සිට තිබේ. ජනාවාසයක් නොවු හෙයින් ජලය මෙන්ම දානයද හිඟ වීම නිසා කැලණි ගඟ අසබඩට පැමිණ පොඩි පැලක භාවනානුයෝගීව සිටින විට ගම්වාසීන් විසින් ඒ අසල කැලයේ බෝ ගසක් හා මදාරා ගසක් එකට තිබෙන තැනක අඩි10ක් දිග 07ක් පළල කුටියක් සාදා දෙනු ලැබ ඇත. ආවාස ගෙය පසුව ඉදි කර දුන්නද උන්වහන්සේ අපවත්වන තුරුම එම ගල් කුටිය තුළම වැඩ විසූ බව ගම්මු කියති.

මේ බෝ සෙවණේ සිට උන්වහන්සේ පිරිත්දේශනා කරන අතර දිනක ළඟ අසල් ගමක තරුණියක් උන්මත්තක බවට පත් වී ඇවිදිමින් සිටන අතර මෙම පංසලට පැමිණ ඇත. හාමුදුරුවෝ පිරිත් බලයෙන් ඇය සුවකර දෙමාපියන් ගෙන්වා බාර දී දුන්හ. මේ රාවය ප්‍රදේශය පුරා පැතිර ගියේය. ඉන්පසු පළාතේ උන්මත්තක මෙන්ම යක්ෂ ප්‍රේත බලපෑමට නතු වූ රෝගීන් රැගෙන පිරිස පැමිණෙන්නට විය. මඩුවක් සාදා ලෙඩුන් නේවාසිකව තබාගෙන සුව කිරීමට උන්වහන්සේ කටයුතු යෙදූ බව ගම්වාසීහු පවසති. ඉන්පසු පන්සලේ බොහෝ වැඩ කටයුතු බාරගෙන ඇත්තේ ලෙඩ සුව කරගත් අයයි.

උන්වහන්සේ සමග නිතරම නයි ගැවසුණු බවද පැවසේ. පන්සලේ දොර අගුළු නොදැම්මත් කිසිවකුට කිසිවක් ගැනීමට නොහැකි විය. උන්වහන්සේගේ ලැගුම් කුටියේ ඉන්නා නාග රාජයෙක් අදටත් දැකගත හැකිය. ලොකු හාමදුරුවන් ජීවත්ව සිටින විට බුලත් හෙප්පුව ළඟ නයකු නිරන්තරයෙන් සිටියි. දිනක එක් අයකුගේ රෝගී තත්ත්වයකට පන්සල් වත්තේ ඇති මී වදයක් ගේන්නැයි හාමුදුරුවෝ නියම කර ඇත. මීය කඩා ගන්න බැරි වන සේ එතැන නාගයෙක් දරණේ ගසාගෙන සිටියේය. මෙය දැන් වූ පසු එතනට වැඩිය හාමුදුරුවෝ ඕක ගන්න දෙන්නැයි කියු පසු නාගයා එතැනින් ඉවතට ගොස් තිබේ. මෙම සිද්දිය ඇසින් දුටු අය අදද සිටිත්. දැනට නේවාසිකව වැඩවසන හිමියන්ද පවසන්නේ නාගයින් සමඟ හොදින් ගනුදෙනු කළ හැකි බවය.

හාමුදුරුවන් අපවත්වී පන්සලේ තැන්පත් කර තිබූ දින දෙකේදීම රාත්‍රීයේ පන්සල අවට නාගයින් කෑ ගැසූ බවද ගම්මු කියති. චිතකයට ගිනිතැබූ පසු නාගයින් දෙදෙනකු එයට පැන්න බව පැරැණියෝ පවසන්නේ ඇසින් දුටු සාක්කිකරුවන් ලෙසය. අදත් සමහර අය පන්සලට යන්නේ නාගයන්ට බියෙනි. අනුහස් පිරි මේ බෝධියට වත්පිළිවෙත් කිරීමෙන් පිහිට ලැබෙන බව ප්‍රදේශවාසීන්ගේ විශ්වාසයයි.



from Gossip Lanka News & Video https://ift.tt/2uRBvhj
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();