Ticker

6/recent/ticker-posts

Header Ads Widget

එජාප පාක්ෂිකයන්ගේ සහ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කළ යුතුයි

Author(s): 
චමීර ඇල්ලදෙණිය

ඉදිරි වසර එකහමාර තුළ අපි ජනතාවාදී කඩිනම් වැඩිපිළිවෙළක් සිදුකර එත්සත් ජතික පක්ෂයේ පාක්ෂිකයන්ගේ හා සියළු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කැපවන බව නිවාස හා ඉදිකිරීම් ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණයෙන් පසු සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (5) පැවැති අගමැතිවරයා පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීයකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේය.

නිවාස ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසිය.

අපි මේ ජයග්‍රහණය ලබාගත්තේ මහජන මන්ත්‍රීවරුන්ගෙන් පමණයි. මේ මන්ත්‍රිවරුන් නියෝජනය කරන ඡන්ද දායකයින් ලක්ෂ 210කට වඩා ඉන්නවා. ඒ නිසා දේශපාලකයින් වන අපි රාජ්‍ය බලය යොදාගෙන දුෂ්කර ක්‍රියා කරමින් ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට කටයුතු කරනවා. ඉදිරි වසර එකහමාර තුළ අපි ජනතාව වෙනුවෙන් ජනතාවාදී කඩිනම් වැඩිපිළිවෙළක් සිදුකර එත්සත් ජතික පක්ෂිකයන්ගේ හා සියලු ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කැපවිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා- එක්සත් ජාතික පක්ෂයේ සැබෑ වෙනසක් කිරීම අවශ්‍යයි. අපි ඊයේත් පෙන්නුවා. පක්ෂයේ ගැටලු පක්ෂ අභ්‍යන්තරයේ විසඳා ගන්නා බව. අපි පක්ෂයට ආදාරයක් වගේම පක්ෂයට උරුමයක් තිබෙනවා. ජනතාව සමඟ ගමන් කරන වැඩපිළිවෙළක් සකස් කිරිම අවශ්‍යයි. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දුන් ඇමැතිවරුන්ට විලිලැජ්ජාවක් තිබෙනවා නම් ඔවුන් යා යුතුයි. අපේ පසු පෙළ මන්ත්‍රීවරුන් පෙන්නුවා පක්ෂයක් ආරක්ෂා කරන ආකාරය. විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දී මේ අය ඇමැතිකමේ ඉන්න එක මට පුදුමයි. ජනාධිපතිවරයා මෙතන අසීරු තැනක ඉන්නේ. ඒ නිසා මා එය වෙන දෘෂ්ඨි කෝණයකින් බලන්නේ. ඉදිරි දින කිහිපය තුළ කැබිනට් වෙනසක් අනිවාර්යෙන්ම වෙනවා. ඇයි මගේ කැබිනට් ඇමැතිකම ගැලවුවේ. පක්ෂයේ ඉන්න ඊරිෂියාකාරයන් කිහිපදෙනකුගේ වැඩපිළිවෙළක් එය.

මේ අවස්ථාවේදී පක්ෂයට ආදරය කරන අයට අවස්ථාව ලබාදිය යුතුයි. සැබෑ වෙනසක් පක්ෂය තුළ ඇති කළ යුතුයි. සිත් සතුටු කරන වෙනසක් අවශ්‍ය වන්නේ නැහැ. ඩී.එස්ලා, ඩඩ්ලිලා, ජේ .ආර්ලා, ප්‍රේමදාසලා හදපු පක්ෂය රනිල් වික්‍රමසිංහලා සජිත් ප්‍රේමදාසලා ,රවී කරුණානායකලා එක්ක ඉදිරියට යන ආකාරය ජනතාව බලාගෙන ඉන්නවා. බොරුවට නම් විසි කළා කියා පක්ෂයක් ගොඩගන්න බැහැ. ඒ නිසා කකුල්දෙකෙන් පොළවේ තිබාගෙන තීන්දු ගත යුතුයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();