ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ජා කර 2015 ජනවාරි 08 දා ලැබූ ජයග්‍රහණය ඉදිරියට ගෙන යාමට ක්‍රියා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී පරාජය කිරිමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. අගමැතිවරයා මෙසේද පැවසිය.
මටත් ආණ්ඩුවටත් විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනාව පරාජය කිරීමට ඔබ සියලු දෙනා දැක් වූ සහයෝගයට මම ස්තූතිය පුද කරනවා. මෙය විශිෂ්ඨ ජයග්‍රහණයක්. ඔබ සියලු දෙනා කළ සේවය මම අමතක කරන්නේ නෑ.ඊටත් වඩා දැන් අපට අලුත් ගමනක් යන්න තිබෙනවා.ආණ්ඩුවක් ලෙස පෙබරවාරි 10 වැනිදා අපට ලැබුණු පණිවුඩයත් අරගෙන අපේ වැඩකටයුතු මීට වඩා සීග්‍රයෙන් ගෙන යන්නට තිබෙනවා.අප කරන කටයුතු මෙන්ම සංවර්ධනයේ ප්‍රතිලාභ මුළු රටටම දැනිය යුතුයි.
රටේ බහුතරයකගේ සහයෝගය ලබා ගෙන ඉදිරි වසර එකහමාර තුළ ජනතාව බලාපොරොත්තු වූ වගකීම ඉටු කිරීමේ යුතුකමක් තිබෙනවා.
අපි වැඩකටයුතු ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ජනවාරි 8 වැනිදායින් පසුව රටේ විශාල වෙනසක් සිදුව තිබෙනවා.රටේ ආර්ථිකය සකස් කරගෙන යනවා. ගමේ සංවර්ධනය ආරම්භ කරගෙන තිබෙනවා. ජනතාවගේ ආදායම් වැඩි කරන්න කටයුතු කර තිබෙනවා.ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අද රට තුළ තිබෙනවා.ආර්ථිකය සකස් කර තිබෙනවා.ගමේ සංවර්ධනය ආරම්භ කර තිබෙනවා.ඒ වගේම ජනතාවගේ ආදායම් වැඩි කිරීම වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ජනතාවට මීට වඩා සමීප වෙන්න අපේ යුතුකමක් තිබෙනවා. ඊළඟ වසරේ රටට දැනෙන විදියට මේ සංවර්ධනය ගෙනයන්න අවශ්‍යයි.මෙම සංවර්ධන ක්‍රියාවලින් සිදුකරන අතරතුර සංවර්ධනය වෙනුවෙන් මන්ත්‍රීවරුන්ටත් උපකාර කරන්න අවශ්‍ය වෙනවා.ඒ වගේම ඊට අවශ්‍ය දේශපාලන බලයත් ලබා දිය යුතුයි.
අපි මේ විශ්වාසභංගයට මුහුණ දුන්නේ පුද්ගලයෙක් ආරක්ෂා කරන්න නොවේ. ආණ්ඩුවක් ආරක්ෂා කරන්න.ජනතාව ආරක්ෂා කරන්න.ජනතා ජයග්‍රහණය ආරක්ෂා කරන්නයි.එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ වෙනසක් ඇති කරන්න තිබෙනවා.අලුත් කණ්ඩායම් ඉදිරියට ගේන්න තිබෙනවා. බහුතර සහයෝගය දිනාගෙන ඉදිරියට යා යුතු වෙනවා. එක්සත් ජාතික පෙරමුණ ශක්තිමත් කිරීම අපගේ අරමුණක්. රටේ බහුතරයකගේ සහයෝගය දිනාගෙන අපි ඉදිරියට යන්න ඕනෑ. ඊළඟ අවුරුද්ද තුළදී මේ වැඩ ටික කරන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තිබෙනවා. අපේ අඩුපාඩු තිබෙනවා. නැහැ කියන්නේ නැහැ. 2015 ජනවාරි 08 වැනිදා රටේ ජනතාව බලාපොරොත්තු වූ වගකීම ඉටු කරන්නට මේ ආණ්ඩුවට යුතුකමක් තිබෙනවා. ආණ්ඩුවේ හිටපු අය සමහරක් අපෙන් ඈත් වෙලා තිබෙනවා. නමුත් ඉතුරු කණ්ඩාමක් එක්ක අපි ඉදිරියට යනවා. මම ජනාධිපතිතුමා හෙට, අනිද්දා මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිතුමා හමු වෙලා එතුමාත් අපිත් ජනවාරි 8 වැනිදා ලබා ගත් ජයග්‍රහණය ආරක්ෂා කරලා මූලධර්ම අනුව ඉදිරියට යමු කියලා ප්‍රකාශ කරනවා. ඉතිං මම මීට වඩා දීර්ඝ වශයෙන් ඉදිරියට කතා කරන්නේ නැහැ. ඔබ සැමටම මම විශේෂයෙන්ම ස්තුතියි.
0 Comments