Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජී.එස්.පී සහනය යළිත්

Author(s): 
මහින්ද අලුත්ගෙදර

කල් ඉකුත් වී තිබූ අමෙරිකානු ජී.එස්.පී බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කරයි.

ඒ අනුව පසුගිය 2017 වසරේ දෙසැම්බර් මස 31 දා කල් ඉකුත් වී ගිය ජී.එස්.පී බදු සහනය යළි බලාත්මක කිරීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා තීරණය කර තිබෙන අතර ශ්‍රී ලංකාවට අමතරව මාලදිවයින සඳහා ද මේ සහනය හිමිවන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

ජී.එස්.පී බදු සහනය කල් ඉකුත්වීමත් සමඟ මේ වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට ශ්‍රී ලංකාවෙන් අමෙරිකා එක්සත් ජනපදයට අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා බදු සහන හිමිනොවූ නමුත් එම සහනය යළි ක්‍රියාත්මක කිරීමත් සමඟ බදු සහනය හිමිවෙයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මේ මස 23 දා අයවැය යෝජනාවලිය සඳහා අත්සන් කර තිබෙන අතර ජී.එස්.පී බදු සහනය ද ඒ සඳහා අන්තර්ගත කර තිබේ. කෙසේ වුවද මෙලෙස බලාත්මක කරන ලද ජී.එස්.පී බදු සහනය එළඹෙන 2020 වසරේ දෙසැම්බර් මස 31 දා තෙක් වලංගු බවට එම තානාපති කාර්යාලය පවසයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();