Ticker

6/recent/ticker-posts

Header Ads Widget

විභාග වංචා නවත්වන්න යුද හමුදාවෙන් නව ක්‍රමවේදයක්

Author(s): 
විජයානි එදිරිසිංහ

මින් ඉදිරියට අ.පො.ස. සාමාන්‍ය පෙළ උසස් පෙළ ඇතුළු රජයේ විභාගවලට පෙනී සිටින සිසුන් විසින් විවිධ ආකාරයේ තාක්ෂණික උපකරණ යොදාගෙන සිදුකරනු ලබන විභාග වංචාවන්ට සම්පූර්ණයෙන් තිත තබමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නව සයිබර් තාක්ෂණික ක්‍රමයක් ඔස්සේ එම මංමාවත් කොටුකර ගැනීමට JEOFENCIGN සංවිධානාත්මක තාක්ෂණික වැඩපිළිවෙළ ආරම්භ කරයි.

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිටම එම නව තාක්ෂණික මෙහෙයුම සිදුකෙරෙන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සංඥා බළකායේ අධීක්ෂණය යටතේ වෙයි.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා කියා සිටියේ විභාග කොමසාරිස්වරයාත්, යුද්ධ හමුදාපතිවරයා ප්‍රමුඛ සංඥා බළකායේ සෙසු නිලධාරීන්ද වෙනත් රජයේ නිලධාරීන්ද සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර එහිදී ඉදිරිපත් වූ යෝජනා අදහස් ආදියද සැලකිල්ලට ගෙන මේ වන විට විභාගවලට පෙනී සිටින අපේක්ෂකයන් විසින් විවිධ තාක්ෂණික ක්‍රම ඔස්සේ විභාග ප්‍රශ්නවලට උත්තර සැපයීම ශීඝ්‍රයෙන් පැතිරෙමින් පවතියි.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට එවැනි වංචාවන් හරහා විභාගයට උත්තර ලිවීම සිදු කළ අපේක්ෂකයන් 927 දෙනකුගේ ප්‍රතිඵල තහනම් කර තිබේ.

මෙම තත්ත්වයට විසඳුමක් ලබා ගැනීමට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි ක්‍රමයක් නොමැතිවීම නිසා විභාග කොමසාරිස්වරයා එම වංචාවන් නවත්වා ගැනීමට යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සමඟ සාකච්ඡා කර තිබේ.

මේ වන විට යුද්ධ හමුදාවේ සංඥා බළකාය සිය නව සයිබර් තාක්ෂණික ක්‍රමය ඉහළම ස්ථානයකට ගෙන ඇති නිසා ඔවුන් හරහා එම විභාග වංචා නවත්වා ගැනීමට ක්‍රමයක් යෝජනා කර ඒ පිළිබඳව අත්හදාබලා ඒ අනුව ඉදිරි විභාගවලදී ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

එම ක්‍රමය කුමක්ද යන්න හෙළි කිරීම නොකළද යම් විභාග අපේක්ෂයකු විභාග ශාලාවට විභාග ප්‍රශ්නපත්‍රවලට උත්තර ලිවීම සඳහා ජංගම දුරකතනයක්, ඒ හා සමාන යම් උපකරණයක්, එසේත් නැතහොත් පිටස්තරව සිටින පුද්ගලයකු සමඟ විභාග ශාලාවේ සිට නව තාක්ෂණික ක්‍රමයක් ඔස්සේ සම්බන්ධවීමක් හෝ එම අපේක්ෂකයා විසින් එවැනි උපකරණයක් පැලඳ සිටීම ඇතුළු ඕනෑම ආකාරයකින් වංචාකාරී ලෙස විභාගයට මුහුණදීම සිදුකරන්නේ නම් තත්ත්පර කිහිපයකින් අපේක්ෂකයා කොටුකර ගැනීම මෙහිදී සිදුවෙයි.

මෙම නව සයිබර් ක්‍රමය ඔස්සේ යම් අපේක්ෂකයකු විභාග ශාලාවට ඇතුල්වනවිට පරීක්ෂා කිරීමක් සිදු නොවෙයි. එහෙත් ඔවුන් විසින් පාවිච්චි කරන නව තාක්ෂණික ක්‍රමය ඒ ඔස්සේ කොටුකර ගැනීම සිදුවෙයි. ඒ අනුව උත්තර කොපි කිරීමට අපේක්ෂකයන්ට කිසිසේත් අවස්ථාවක් නොලැබෙයි.

මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා, විවිධ සන්නිවේදන ජාල, TRC ඇතුළු නව තාක්ෂණය දියුණු කරගත් ආයතන කිහිපයක සහායද හිමිවෙයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();