Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මන්ත්‍රීන්ගෙන් ජන්ද විමසීම පේළියෙන් පේළියට

Author(s): 
ශිරෝමි අබයසිංහ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ජන්ද විමසීම මන්ත්‍රිවරුන් පෙළින් පෙළට නැගි සිටුවා විමසීමට පක්ෂ නායක රැස්විමේදී ඊයේ (28) තීරණය කර තිබේ.

පාර්ලිමේන්තුවේ ජන්ද විමසීමේ විද්යුත් ක්‍රමය මගින් සිදු කෙරුණු පසුගිය අවස්ථාවල සිදු වූ තාක්ෂණික දෝෂ සැලකිල්ලට ගෙන මේ තීරණයට එළැඹ තිබේ.

කථානායක කරූ ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනා විවාදය සම්බන්ධ ප්‍රායෝගික කරුණු කිහිපයක් පිළිබඳ පක්ෂ නායකයෝ එහිදි අදහස් ප්‍රකාශ කර තිබේ.

නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා ක්‍රියා කරන ආකාරය පිළිබඳ ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා දැඩි ලෙස විරෝධය දැක්වු බව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි.

කරූ ජයසුරිය මහතා කථානායක වීමෙන් පසු පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් වී ස්වාධීන වු ආකාරයට තිලංග සුමතිපාල මහතාද ස්වාධින විය යුතු බව කිරිඇල්ල මහතා පෙන්වා දී තිබේ.මාධ්‍ය හමුවක් පවත්වා එස්.බී‍.දිසානායක මහතා පළ කළ අදහස්වලට තිලංග සුමතිපාල මහතා සහාය දැක්වීම සුදුසු නොවන බවද වසර 30 ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන තමන්ගේ අත්දැකීම් අනුව නියෝජ්‍ය කතානායකවරයෙකු පක්ෂ දේශපාලනයේ නිරත වනු දැක නැති බවද කිරිඇල්ල මහතා පවසා තිබේ.මෙහිදි සභානායකවරයාට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා සඳහන් කර ඇත්තේ තමන් තවමත් පක්ෂ නායකත්වය දරන හෙයින් ඒ කටයුතුවල නිරත වන බවයි.නියෝජ්‍ය කථානායක ධුරයට පත් වූ පසු දේශපාලනය කිරීමේ සම්ප්‍රදායක් නැති බව කතානායක කරූ ජයසුරිය මහතා එහිදි පෙන්වා දි තිබේ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();