Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පුජාව මැදින්පුර පෝය දා මහ ඉහළින්

Author(s): 
අමිල ප්‍රභාත් වනසිංහ

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පුජාව මැදින්පුර පසළොස්වක පොහෝදා (01)පස්වරුවේ මිහින්තලා පුද බිමේදී සිදු කෙරිණි.

මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිගේ අනුශාසනා පරිදි මේ පින්කම සිදු කළහ.

මාසිකව සෑම පොහෝ දිනකම ලේක්හවුස් අයතනය මගින් පවත්වනු ලබන මේ කප්රුක් පුජාමය පින්කම මෙවර සිදු කරනු ලැබුවේ තිස්සමහාරාම, පන්නගමුව අයි.ජයසුරිය මහත්මිය ඇතුළු උපාසික උපාසිකාවන්ගේ දායකත්වයෙනි.

මිහින්තලා පුදබිමේ මැදමළුවේ සිට පෙරහරින් සාදු නාද මධ්‍යයේ කප්රුක රැගෙන යාමෙන් අනතුරුව මිහින්තලා මහා සෑ චෛත්‍ය රාජයාණන් වෙත පුජා කිරීම සිදු විය.අනතුරුව සැදැහැවතුන් විසින් මිහින්තලා සේල චෛත්‍ය වෙතද කප්රුක් පුජාවක් කළේය.

මිහින්තලා රජමහා විහාරවාසි වෙරුප්පන්කුලමේ පියරතන හිමි විසින් ආගමික වතාවත් සිදු කළහ.එහිදී අනුශාසනාව සිදු කරමින් වෙරුප්පන්කුලමේ පියරතන හිමි මෙලෙස පැවසුහ.

ලේක්හවුස් ආයතනය මගින් වාර්ෂිකව පවත්වනු ලබන ආලෝක පුජාමය පින්කමට සමගාමිව සමාජ ,ආගමික සේවා රැසක් සිදු කරනවා.එම ආයතනය මගින් මෙවර ආලෝක පුජාව සිදු කරන්නේ පනස්තුන් වන වරටයි.අනුබුදු මිහිදු මා හිමියන් වැඩම කළ මේ උතුම් පින්බිමෙහි මෙවැනි පින්කම් සිදුකිරීම ඉතා මහඟු පින්කමක් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ. තිස්සමහාරාම, පන්නගමුව පදිංචි අයි.ජයසුරිය මහත්මිය ඇතුළු දායක දායිකාවන් විසින් බුදු පිළිමයක් පුජා කිරීමද සිදුවිය. ලේක්හවුස් ආයතනයේ බුදුසරණ කර්තෘ මණ්ඩල උපදේශක සීසර් සුදුසිංහ, ලේක්හවුස් බෞද්ධ සංගමයේ ලේකම් ප්‍රියන්ත කුමුදුසිරි,අනුරාධපුර ලේක්හවුස් ශාඛා කාර්යාල ප්‍රධාන එන්.පි මංජුල මහත්වරු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු රැසක්ද මේ අවස්ථාවට සහභාගි වුහ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();