Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී සුදර්මාරාමයේ සංඝාවාසය සඟ සතු කිරීමේ උත්සවයට ජනපති එක්වෙයි

පොළොන්නරුව, දිග්ගල්පුර ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කරන ලද සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීමේ උත්සවයට (01) දා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්විය. ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ පොළොන්නරුව, තමන්කඩුව දෙදිසාවේ ප්‍රධාන සංඟනායක මෑතගම සෝමානන්ද නායක හිමිපාණන් වහන්සේ, ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ උඩහේවාහැට වළපන දෙදිසාවේ ප්‍රධාන සංඟනායක රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති අඹලින්දේ ගුණරතන නායක හිමිපාණන් වහන්සේ, ශ්‍යාමෝපාලි වංශික අස්ගිරි පාර්ශ්වයේ හිගුරක්ගොඩ හා මැදිරිගිරිය දෙපළාතේ ප්‍රධාන සංඟනායක, දිග්ගල්පුර ශ්‍රී සුදර්මාරාම විහාරාධිපති දැවගොඩ ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඟරත්නය ද, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් රංජිත් ආරියරත්න, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් ඩී.එම්. කරුණාරත්න යන මහත්ම මහත්මින් ඇතුථ පිරිසක් මෙ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප : උදේශ් ගුණරත්න - ජනාධිපති මාධ්‍ය අංශය

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();