දශක තුනක යුද්ධයෙන් බිඳවැටී තිබෙන උතුරු පළාතේ අධ්‍යාපන ක්‍රමය වසර දහයක් තුළ නැවත යථාතත්ත්වයට පත් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කෙළේය.
ඒ සඳහා විශ්‍රාමික විදුහල්පතිවරුන්ගේ සහාය ලබාගනිමින් නව වැඩපිළිවෙළක් සකස් කර ඇති බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා උතුරු පළාතේ දක්ෂ විදුහල්පතිවරුන් හා ගුරුවන්ට උසස් වීම් ලබාදීමේ ක්‍රමවේදයක්ද කඩිනමින් සකස් කරන බව කීවේය.
අරලියගහ මන්දිරයේදී ඊයේ (28) පැවැති උතුරු පළාතේ ස්වෙච්ඡාවෙන් හා කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ ගුරුවරුන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කෙළේය.
අද යාපනයේ තිබෙන අධ්‍යාපනය දියුණු කරන්න මූලික වැඩපිළිවෙල කීරීමට පියවර ගෙන තිබෙන බවත් වසර දහයක් තුළ යාපනයට පුරුදු අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ හැකි බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
බ්‍රිතාන්‍ය පාලන කාලයේ හොඳ අධ්‍යාපනයක් කොළඹ හා යාපනයේ තිබු බව සිහිපත් කළ අගමැතිවරයා යුද්දය නිසා යාපනයේ අධ්‍යාපන ක්‍රමය විනාශ වූ බවත් ඒ මට්ටමට යාපනයේ අධ්‍යාපනය නැවත දියුණු කළ යුතු බවත් පැවසීය.

0 Comments