Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දරුවන්ගේ ආරක්ෂාවට මවුපියන්ට උපදෙස් දිය යුතුයි

Author(s): 
රක්ෂණ ශ්‍රියන්ත

බොහෝ විට පාඩම් කියා දෙන්නේත් දේශන තබන්නේ දරුවන්ට වුවත් අද මාස තුනකට හෝ මාස හයකට වරක්වත් සෑම දරුවෙකුගේම මවුපියන් ගෙන්වා මවුපියන්ට දරුවන්ගේ ආරක්ෂාව රුකවරණය පිළිබඳ උපදෙස් දීමටත් ඒ අයට අවශ්‍ය මාර්ගය කියා දීමේත් අවශ්‍යතාවය මතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කෙළේය.

විභාග ප්‍රථිඵල නිකුත්වු පසු දරුවාගේ මනස සකස් කිරීම, විභාගයකට දරුවා සකස් කිරීම මෙන්ම විභාගයක් පිළිබඳව දරුවන් වෙනුවෙන් මවුපියන් සකස් කිරිම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්ව ඇති හෙයින් රජයක් ලෙස මවුපියන් සඳහා වෙනම එවැනි වැඩසටහන් පැවැත්වීමටද බලාපොරොත්තු වන බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කෙළේ ඊයේ (28) පෙරවරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවැති කොළඹ ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ සියවස් සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

මේ අවස්ථාවේදී පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු කළඹ පිරිනැමීමත්, පාසලේ විශිෂ්ඨ දක්ෂතා දැක්වු දැරියන් හට විශිෂ්ඨතා තිළිණ පිරිනැමීම ජනාධිපතිවරයා අතින් සිදු විය. පාසලේ විදුහල්පතිනිය විසින් ජනාධිපතිවරයා හට විශේෂ සමරු තිලිණයක්ද පිළිගැන්වීය.

වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා

පාසලක ශිෂ්‍යත්වය විභාගයෙන් අසමත් වු දරුවෙකුට ගෙදරින් ඇතිකල හිංසාව පීඩාව නිසා වයස අවුරුදු දහය හමාරක දරුවෙකු සිය දිවි නසා ගත් බව සිහිපත් කළ ජනාධිපතිවරයා පහේ ශිෂ්‍යත්ව විභාගය යනු දරුවෙකුගේ අධ්‍යාපනයේ කිසිසේත්ම තීරණාත්මක අවස්ථාවක් නොවන බව පැහැදිලිව පවසන බවද කීය. විභාග ප්‍රථිඵල මත වඩාත් සමත් වන දරුවන් පිළිබඳ මවුපියන් ඉහළින් සතුටුවන බවත් විභාග අසමත් වන දරුවන් පිළිබඳව කිසිසේත්ම හිංසා කිරීම වේදනා දීම හිත් රිදවීම කිසිසේත් නොකළ යුතු වන බවද කියා සිටියේය.

විභාගය සමත්වනවා සේම ජීවිතය සමත්වීම ඉතාමත් අවශ්‍ය බව කී ජනාධිපතිවරයා පාසලේ පොත පතින් විභාගයට අවශ්‍ය දේ හදාරනවා සේම ජීවිතය සමත්වීම පිළිබඳ විභාගයත් සමත්වීම ඉතාමත් අවශ්‍ය බවද කියා සිටියේය. අපේ දරුවන් හදා ගන්න නම් පුලුවන්නම් ෆේස් බුක් වෙබ් සයිට් හැමදාම වසා තබන්න යැයි දෙමාපියන් තමන්ට හමුවු අව්ස්ථාවල පැවසු බව කී ජනාධිපතිවරයා තමා පසුගියදා මහනුවර සිදුවූ සිදුවීමේදී ෆේස්බුක් සහ වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවීමට රජය ගත් පියවර පිළිබඳ ද මෙහිදී සිහිපත් කෙළේය. එය මාධ්‍ය නිදහස හෝ ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කිරීමක් නොව අවස්ථානුකූලව ගතයුතුව තිබූ වැදගත් තීරණයක් බවත් එමගින්, රටේ සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට හැකි වූ බව ද සිහිපත් කළ ජනාධිපතිවරයා රටත්, ජනතාවත් වෙනුවෙන් රජය ගත් එම පියවර ජාත්‍යන්තර සංවිධානවල ද පැසසුමට ලක්වූ බව කියා සිටියේය.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්.එම් මරික්කාර්, මුජිබර් රහුමාන්, පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ. නාගරික මන්තී‍්‍ර අසාද් සාලි යන මහත්වරුන් ද විදුහල්පතිනි සියනා අස්ලාන් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, අධ්‍යාපන ක්ෂේත්‍රෙය් උසස් නිලධාරීන්, මවුපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();