Ticker

6/recent/ticker-posts

Header Ads Widget

උදයංග ඩුබායි අධිකරණය ඉදිරියට?

Author(s): 
විජයානි එදිරිසිංහ

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ප්‍රශ්න කර ඊයේ එරට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. ඒ අනුව ඔහු අධිකරණයට ඉදිරිපත් කළාද නැද්ද ඉදිරිපත් කළේ නම් අධිකරණ තීන්දුව කුමක්ද යන්න සම්බන්ධව තොරතුරු හෙළිදරව් වී නොමැති අතර එම තීරණය පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය දැඩි අවධානයෙන් සිටී.

උදයංග වීරතුංග මහතා පසුගිය වර අත්අඩංගුවට ගනු ලැබුවේ තහනම් කරන ලද විදෙස් ගමන් බලපත්‍රයක් මගින් අමෙරිකාවට යාමට පැමිණි ‍බැවිනි. එහෙත් මෙවර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම මත ජාත්‍යන්තර පොලිසිය වෙත කොටුව අධිකරණය මගින් නිකුත් කළ රතු වරෙන්තුවට අනුවයි. එම රතු නිවේදනය කොටුව අධිකරණය මගින් නිකුත් කර තිබුණේ මීට සති තුනකට ප මණ පෙරදීය.

උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලිසිය එම නිවේදනයෙන් පසු ජාත්‍යන්තර පොලිසියේ උපදෙස් මත උදයංග වීරතුංග මහතා නැවතී ඇති බවට ඊට පෙර අවස්ථාවේ එරට පොලිසියට ලබාදී තිබූ ලිපින කිහිපයක්ම පරීක්ෂා කර තිබිණි. එහෙත් ඔහු එම ලිපිනවලින් පලා ගොස් සිට ඇත.

උදයංග එසේ පලා ගොස් සැඟවී සිට ඇත්තේ හෝටලයක ‍බවද පැවසේ. ඔහු එම හෝටලයේ සැඟවී සිටියදී එරට පොලිසිය මගින්ද ඔහුට රටින් පිටවිය නොහැකි පරිදි ආරක්ෂක විධිවිධාන යොදා තිබූ බව මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත්ව සිට ඇත. ඒ අනුව ඔහුට කිසිදු ආකාරයකින් ඩුබායි සිට වෙනත් රටකට නීත්‍යානුකූලව පිටවිය නොහැකි තත්ත්වයක් උදාවි තිබූ බවද පැවසේ. තවද එරට නීති ඉතාමත් තදින් ක්‍රියාත්මක වන බැවින් නීත්‍යානුකූල නොවන ආකාරයකින් රටින් පිටවීමට ගොස් හසුවුවහොත් එම පුද්ගලයාට බරපතළ දඬුවම් නියම වනු ඇත.

උදයංග වීරතුංග මහතාට මෙරටින් එල්ල වී ඇති බරපතළම චෝදනාව වන්නේ මිග් යානා ගනුදෙනුවේ ඩොලර් මිලියන 7833 වංචා කිරීම වෙයි. ඊට අමතරව අධිකරණ නියෝග නොසළකා හැරීම වරෙන්තු සම්බන්ධව අධිකරණය හමුවේ පෙනී නොසිටීම මූල්‍ය අපරාධ කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා නොදීම ඇතුළු චෝදනා ගණනාවක් එල්ල වී ඇත.

උදයංග වීරතුංග මහතා ඩුබායිහි අබුඩාබි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු සම්බන්ධව ලැබෙන තීරණය පිළිබඳව මෙරට පොලිසිය අවධානය යොමුකර ගෙන සිටියි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();