මෙවර මධ්‍යම කාරක සභාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස විශ්වාස භංග යෝජනාවට සහයෝගය ලබාදෙනවාද නැද්ද යන තීරණය ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා, සබරගමු පළාත් සංවර්ධන ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (28) කොළඹ පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය. එහිදී වැඩිදුරටත් කතා කළ ඇමතිවරයා මෙසේද කීය.......පාර්ලිමේන්තුවේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එනු ලැබු විශ්වාසභංග යෝජනාව ලබන අප්‍රේල් (4) විවාදයට ගෙන ඡන්ද විමසීමක් සිදුකිරීමට නියමිතයි.
මේ පිළිබඳ ඇමතිවරු කුමන ප්‍රකාශ කළත් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහිදී ගන්නා තීන්දුව ගැන කිසිම තීරණයක් කර නැහැ. මේ සඳහා රටේ තිබෙන ජනමතය කුමක්ද යන්න ඉතා වැදගත්ම සාධකය වන අතර අපිට ඒ ගැන සලකා බලන්න සිදුවෙනවා. ඉකුත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයේදී අපට දැනුනේ සම්මුතිවාදී ආණ්ඩුවේ කටයුතු වෙනස් විය යුතු බවයි.
මේ සියලු කරුණු අවධානයට ගෙන හෙට හෝ අනිද්දා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදි ශ්‍රීලනිපයේ තීන්දුව අපි ගන්නවා.

0 Comments