Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැදින් පුන් පොහෝ දා ශ්‍රී පාද වන්දනාවට බැතිමත්හු විශාල පිරිසක්

මැදින් පුන් පොහොය යෙදී තිබු පෙරේදා (01) දින ශ්‍රී පාදය වන්දනා කිරීමට විශාල පිරිසක් එක්ව සිටින ලදි.

මැදින් පුන් පොහොය නිමිති කරගෙන පෙරේදා ශ්‍රී පාද මහා මළුවේ විශේෂ ආගමික වැඩසටහන් රාශියක් පැවති අතර එදින රාත්‍රී ශ්‍රී පාද මහා මළුවේ දී සර්වරාත්‍රික පිරිත් දේශනාවක් ද පවත්වන ලදි.

මේ ආගමික වතාවත්වලට මෙන්ම ශ්‍රී පාදය වැඳ පුදාගැනීමට පෙරේදා විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණ සිටි අතර මේ වන්දනාකරුවන්ගේ ගමන් පහසුවට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා විශේෂ බස් රථ සේවා ද යෙදවීමට හැටන් ලංගම ඩිපෝවෙන් පියවර ගෙන තිබුණි.

ශ්‍රී පාදයට පැමිණෙන වන්දනාකරුවන්ගේ ආරක්ෂාවට හැටන් පොලිස් අධිකාරි එම්. පී. ආර්. අබේපිටිය මහතාගේ උපදෙස් මත නල්ලතන්නිය පොලිසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද යොදා ඇත.

හැටන් මධ්‍යම විශේෂ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();