සෞදි අරාබියේ කාන්තාවන් පිළිබඳව පවතින නීති රීති ක්‍රම ක්‍රමයෙන් ලිහිල් වෙමින් පවතින බවට තවත් උදාහරණයක් එක් කරමින් කාන්තා මැරතන් තරගයක් පැවැත්වීමට එරට කටයුතු කර තිබුණි. ඒ සඳහා සහභාගි වීම සඳහා තරගකාරියන් සියයකට වැඩි පිරිසක් අල්- අෂාර් පළාතට රැස්ව සිටි බව වාර්තා වේ. තරග සංවිධායකයන් පවසන්නේ " නිරෝගි ජීවිතයකට ක්‍රීඩාව අවශ්‍යයයි" සංකල්පය පෙරදැරි කර ගෙන මෙම තරගය සංවිධානය කළ බවයි. එසේම පසුගිය දා සෞදියේ පැවැත්වුණු ජාත්‍යන්තර මැරතන් තරගය සඳහා කාන්තා නියෝජනය නොමැති වීම පිළිබඳ එල්ල වූ දෝෂාරෝපණය ද මෙම තරගය සංවිධානය කිරීමට හේතුවක් වූ බව ඔවුන් පවසයි.
මේ අතර සෞදි අරාබියේ පළමු කාන්තා බස් රියදුරුවරිය පිළිබඳව ද පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි. දිළිඳු පවුලකින් පැවත එන සාලිහා නම් ඇය අසිර් ප්‍රදේශයේ සිට පාසැල් ශිෂ්‍යාවන් බස් රථයකින් ප්‍රවාහනය කරන බව වාර්තා වේ.
0 Comments