පොලිස් නිලධාරීන්ට සහ පොලීසියට විරුද්ධව දෛනිකව පැමිණිලි 50 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව ජාතික පොලිස් කොමිසම සදහන්කර සිටියි.
එහි සභාපති ජී. එච්. මනතුංග මහතා සඳහන්කර ඇත්තේ , වසරේ මේ දක්වා කාලය තුළ එවැනි පැමිණිලි 600 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.මේ වන විට එම පැමිණිලි සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන මේ වන විට ආරම්භ කර ඇති බව ඔහු කියා සිටියි.
මේ අතර ජාතික පොලිස් කොමිසමේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමකින් තොරව, මහජනතාවට පළාත් මට්ටමින් පැමිණිලි ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව ද ජාතික පොලිස් කොමිසම සදහන්කර සිටියි.
මෙම වැඩපිළිවෙල එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ඒ අනුව පැමිණිල්ලේ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් සහ එහි ප්‍රගතිය පිළිබඳ පැමිණිලිකරුට ඕනෑම අවස්ථාවක දැනගැනීමට ද එමගින් අවස්ථාව හිමිවේ.
මෙම නව වැඩපිළිවෙළ ලබන වසරේ පළමු මාස දෙක ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිතය .
The post පොලීසියට විරුද්ධව දිනකට පැමිණිලි 50ක්. appeared first on Lanka News Column.
0 Comments