මෙරට ඉතිහාසයේ පශ්චාත් මැතිවරණ සමයේ ප්රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණයත්, මැතිවරණ ඉතිහාසයේ උතුරේ සිට දකුණ දක්වා ඉතාම සාමකාමී ව පැවැති මැතිවරණයත් මෙම පළාත් පාලන මැතිවරණය බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ව්‍යාපාරය ( කැෆේ සංවිධානය) පවසයි. ඉදිරි දින කිහිපය තුළ කිසිම ප්‍රශ්නයක් ඇති නොවනු ඇති බවද කිසිවකු අත්අඩංගුවට පත් වන හෝ අපරාධ නඩුවක කොටස්කාරයෙක් වන සිදුවීමක් වාර්තා නොවනු ඇති බවද පැවසු ඒ මහතා, අද වන විට පක්ෂ, තරාතිරම නොබලා වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් රටේ තිබෙන බැවින් කිසිවකු නීති කඩ කරන තත්ත්වයක් ඇති නොවන බවද කීවේය.
මැතිවරණය කැඳවූ දිනයේ සිට මේ දක්වා අපේක්ෂකයන් 60 ක් හා ආධාරකරුවන් 600 කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
ඇතැම් සිදුවීම් මුල්කරගෙන නැගෙනහිර පළාතට විශේෂ ආරක්ෂාවක් යෙදීමට කටයුතු යොදා තිබුණු අතර කැෆේ සංවිධානයට එදින පුරා පැමිණිලි 590 ක් ලැබී ඇත.
එයින් බහුතරය මැතිවරණ දිනයේ ප්රචාරක කටයුතුවල නිරතවීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වු පැමිණිලි වේ.
සමන්මලී ප්‍රියශාන්ති, රක්ෂණ ශ්‍රියන්ත
0 Comments