Ticker

6/recent/ticker-posts

Header Ads Widget

හෝලි උත්සවයට මුවා වී කරන හිංසාවන්ට එරෙහිව නවදිල්ලි සරසවි ශිෂ්‍යාවෝ පෙළ ගැසෙති

 හෝලි උත්සවයට මුවා වී සිදු කරන හිංසාවන්ට එරෙහිව නවදිල්ලි සරසවි ශිෂ්‍යාවෝ පෙළ ගැසෙති. ඔවුන් පවසන්නේ හෝලි උත්සවය සම්බන්ධ තම අත්දැකීම් බොලිවුඩ් සිනමාවේ හෝ සංචාරක ආකර්ශනයෙහිලා පෙන්වන චමත්කාරත්වයෙන් ඔබ්බට ගිය තත්ත්වයක් බවයි.

හෝලි උත්සවය ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල වසන්ත උදාව සමරමින් උත්සවශ්‍රීයෙන් සමරණ අතර විවිධ වර්ණ ගැන්වූ කුඩු සහ ජලය එකිනෙකා අතර විසිකිරීම සාම්ප්‍රදායික හෝලි උත්සවයේදී දක්නට ලැබේ. මෙහි දී ජලය පිරවූ බැලූන, මඩ හෝ බිත්තර ප්‍රහාරවලට ලක්වන බැවින් තමන් හෝලි උත්සව සමයේ විශ්ව විද්‍යාලය අවට මාර්ගවල ඇවිදීමට පවා බියෙන් පසු වන බව මේ සරසවි සිසුවෝ පවසති.

මේ අතර ශුක්‍රාණු පිරවූ බැලූනවලින් බැට කෑ ශිෂ්‍යාවන් ද සිටින බව මෙහිදී අනාවරණය වී තිබේ. මේ බව ඉන්ස්ටර්ග්‍රෑමය හරහා එම ශිෂ්‍යාව සටහන් කිරීමත් සමඟ දිල්ලි විශ්ව විද්‍යාලය අවට හිරිහැරයන්ට එරෙහි විරෝධතා ව්‍යාපාර කිහිපයක් ම ආරම්භ විය. හෝලි උත්සව දිනයේ කංසා වලින් සාදාගන්නා බීමකින් මත්වූ සමහර පුද්ගලයන්ගේ හිරිහැර වලට කාන්තාවන් හසුවීමේ අවකාශ ද වැඩි වී ඇති බව ඔවුහු පවසති

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();