Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඕස්ට්‍රේලියාව ගෙදර පිරිසිදුකරගන්න ඕනෑම දෙයක් කරනවා’..ආන්දෝලනාත්මක දඬුවම ගැන සංගා කියපු කතාව

දකුණු අප්‍රිකාව සමග කේප්ටවුන් හී පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගයේ තෙවැනි දිනය අතරතුරදී පන්දුව පලුදු කිරීමේ වරදට හසුවූ ඔස්‌ටේ්‍රලියානු නායක ස්‌ටීවන් ස්‌මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ පන්දුව පලුදු කළ කැමරන් බැන්ක්‍රොෆ්ට්‌ යන තිදෙනාට ක්‍රිකට්‌ තහනමක්‌ පැනවීමට ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ පියවර ගෙන තිබේ.

ස්‌ටීවන් ස්‌මිත්ට තරග තහනමක්‌ අයි.සී.සී. යෙන් පැනවුවද ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට්‌ ආයතනය ඔහු ඇතුළු වගකිව යුත්තන්ට තවදුරටත් දඬුවම් කිරීමට තීරණය කිරීමෙන් අදාළ තහනම පනවා තිබේ. ඒ අනුව නායක ස්‌ටීවන් ස්‌මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට මාස 12 බැගින් තහනමක්‌ පනවද්දී පන්දුව පලුදු කළ කැමරන් බැන්ක්‍රොෆ්ට මාස නවයක ක්‍රිකට්‌ තහනමක්‌ පැනවීමට ඊයේ තීරණය කර තිබේ. මේ අතර අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස්‌ කණ්‌ඩායමේ නායකත්වයට පත්කළ ඩේවිඩ් වෝනර්ට එම නායකත්වයද අහිමි වී තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටි අතිදක්ෂ පිතිකරුවන් දෙදෙනෙකු වන ඩේවිඩ් වෝනර් සහ ස්ටීවන් ස්මිත් දෙදෙනාට ක්‍රිකට් ඕස්ට්‍රේලියා මගින් ලබාදුන් දඬුවම ඔරොත්තු දිය හැකි මට්ටමේ දඬුවමක්ද යන්න පිළිබඳව මේ වන විට ක්‍රිකට් ලෝකයේම දැඩි කතාබහට ලක්වී ඇති අතර ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර සංගක්කාරද මෙම දඬුවම පිළිබඳව ඉන්දියාවේ ක්‍රික්බස් වෙබ් අඩවිය සමඟ එකතු වෙමින් තම අදහස් ඉදිරිපත් කර ඇත.

“ක්‍රිකට් ඕස්ට්‍රේලියා අරගෙන තියන පියවර හරි ශක්තිමත් ,ඒ වගේම ඒකෙන් ලොකු පණිවිඩයක් ලබාදෙනවා,මම හිතන්නේ මේ දඬුවම ගැන ක්‍රිකට් ලෝකයම හිතන්න ඕන මොකද ක්‍රිකට් ඕස්ට්‍රේලියා මේ දඬුවම දීල තියෙන්නේ තමන්ගේ හොඳම ක්‍රීඩකයෝ දෙන්නෙකුට,එතනින් ඔවුන් පෙන්නනවා තමන්ගේ ගෙදර පිරිසිදු කරගන්න තමන් ඕනෑම දෙයක් කරන්න සුදානම් කියල ICC යට වගේම මුළු ලෝකයටම,ඇත්තටම කිව්වොත් ක්‍රීඩකයන් විදියට හිතුවොත් මේ දඬුවම කටුක වැඩියි.හැබැයි මෙතැනදී ඔස්ට්‍රේලියාව පෙන්නන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාවක් විදියට තබාගන්න ICC ය ගන්න පියවර තද මදිද කියන එකත් හිතෙනවා,මොකද ICC ය දීපු දඬුවමට වඩා ගොඩක් දරුණු දඬුවමක් තමයි ඕස්ට්‍රේලියාවෙන් දීල තියෙන්නේ.”

සංගා වැඩි දුරටත් පවසන්නේ දඬුවම් දීම මෙන්ම වලක්වාගැනීමේ ක්‍රමවේදයක්ද මේ සඳහා අවශ්‍ය බවය.”ඒ දඬුවම අතිශයින්ම කටුකයි,හැබැයි එහෙම කිව්වට පන්දුව පළුදු කරන එකට අපිට සමාවක් දෙන්නත් බෑ.පන්දුව පළුදු කරන්න යොදා ගන්නේ ඇඟිලි නියපොතුද,ටොෆි කොලයක්ද ,වැලි කඩදාසියක්ද එහෙම නැත්නම් වෙන ක්‍රමයක්ද කියන එකට වඩා මේකේ අරමුණ ගැන තමයි හිතන්න ඕන,මේ විදියේ වංචාවක් වෙන එක වලක්වා ගන්න ICC ය අවශ්‍ය පියවර ප්‍රමාණවත් පරිදි අරගෙන තියන ප්‍රශ්නය තියනවා,ඒ නිසා ඒ ගැනත් හිතන්න ඕන ,නැත්නම් ඔය සිද්දි වෙනත් විදියකට නැවත වෙන්න පුළුවන්.”

“ස්ටීවන් ස්මිත් සහ ජෙෂ්ට ක්‍රීඩකයන් එකතු වෙලා මේ වැඩේ කරන්න කණ්ඩායමට අලුතෙන් ආපු ලාබාලම ක්‍රීඩකයට පැවරීමත් මට හිතාගන්න බෑ.මොකද එතනින් ඒ ලාබාල ක්‍රීඩකයාගේ අනාගතයම විනාශ වෙන්න පුළුවන්.ස්මිත් වෝනර් කියන්නේ විශ්මය ජනක හැකියාවක් තියන ක්‍රීඩකයෙක්,හැබැයි මේ දෙන්න කරපු මේ වැඩේනම් මම අනුමත කරන්නේ නෑ. නිව්ලන්ඩ් වල සිදුවුණ සිදුවීම වගේ දේවල් ඉතිහාසයේ වෙලා තියනවා,හැබැයි මේ සිද්දියට ලැබුන අවධානය වගේම පියවරත් ගොඩක් වෙනස්,මම හිතන්නේ ඒ පණිවිඩය ඕස්ට්‍රේලියාවේ වගේම ලෝකය පුරාම ඉන්න තරුණ ක්‍රීඩකයන්ට හොඳ පාඩමක් වෙයි.”



from Gossip Lanka News & Video https://ift.tt/2GeDT6S
via internet

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();