Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් එමිල් රන්ජන් අත්අඩංගුවට..!

2012 වසරේදී සිදු වූ වැලිකඩ බන්ධනාගාර රැඳවියන් ඝාතනයේ සැකකරුවකු ලෙස බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් එමිල් රන්ජන් ළමාහේවා මහතා   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ද අද සවස රහස් පොලිස් අත්අඩංගුවට පත්විය.

එමිල් රන්ජන් මෙම ඝාතනය සිදුවන අවස්ථාවේදී මැගසින් බන්ධනාගාරයේ අධිකාරීවරයා ලෙස කටයුතු කළේය.

මෙකී ඝාතනය සම්බන්ධයෙන් 2015 වසරේ පත්කළ ත්‍රිපුද්ගල කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන් බන්ධනාගාර නිළධාරීන්ගේ සහ අනෙකුත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂිවලට අනුව, එමිල් රන්ජන් විසින් ගිනි අවි හතරක් මියගිය සිරකරුවන් සිටි ස්ථානයට දමා එම සිද්ධිය පිළිබඳව පැවැත්වෙන පොලිස් පරීක්ෂණ නොමග යැවීමට කටයුතු කර ඇති බව තහවුරු වී තිබේ.

වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්ෂි පවා තිබියදී දිගින් දිගටම ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ඉබි ගමනින් සිදු වූ අතර කෙසේ වෙතත් නීතිය හා සාමය අමාත්‍යංශයේ ඇමතිවරයා වෙනස්වීමෙන් පසු නැවතත් පරීක්ෂණ කටයුතු ආරම්භ වී තිබේ.

නියෝමාල් රංගජීම සහ එමිල් රන්ජන් අත්අඩංගුවට ගෙන මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් තිබෙන බවයි රහස් පොලිස් ආරංචි මාර්ග පවසන්නේ. අදාල ඝාතනයට සෘජුවම සම්බන්ධ මෙම සැකකරුවන් දෙදෙනා විසින් අනාවරණය කරන කරුණු හරහා මෙම සිදුවීම පිළිබඳ අතිශය වැදගත් කරුණු සහ ඝාතනයට අණදුන් පුද්ගලයන් අනාවරණය කරගත හැකි බවත් ඒ අනුව ඝාතනයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට හැකිවන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

The post වැලිකඩ ඝාතන සම්බන්ධයෙන් බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් එමිල් රන්ජන් අත්අඩංගුවට..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();