නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යූසුෆායි තලිබාන් සටන්කාමීන් විසින් වෙඩි තැබීමෙන් පසු පළමු වතාවට පාකිස්තානයට පැමිණ ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත.
ඒ වසර 07කට පසුවය. 2012 වසරේදී ළමා හා කාන්තා අයිතිවාසිකම් මෙන්ම අධ්‍යාපනය වෙනුවෙන් සටන් කිරීමේ වරදට ඇය තාලෙයිබාන් සටන්කරුවන්ගේ වෙඩිපහරට ලක් විය.
මේවන විට මලාලා විසි වැනි වියෙහි පසුවේ.
ප්‍රබල මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ඇය මේවන විට එංගලන්තයේ ජීවත් වේ. ඇය දින 04ක් පාකිස්තානයේ රැදී සිටීමට නියමිත බව සදහන් වේ.
එහිදී විශේෂයෙන් මලාලා පාකිස්තාන අගමැති ෂහීඩ් ඛාකාන් අබ්බාසි සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ඇයගේ මෙම සංචාරයේ තොරතුරු රහස්‍ය ලෙස රඳවා තබා ඇත්තේ “සංවේදිතාව අනුව” බව එරට නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත සදහන් කර ඇත.
දැඩි ආරක්ෂාවක් යටතේ ඉස්ලාමාබාද්හි බෙනාසීර් භූතෝ ජාත්යන්තර ගුවන්තොටුපළෙන් මලාලා ඇයගේ දෙමාපියන් සමඟ පැමිණි දර්ශන පාකිස්තානු රූපවාහිනී වාර්තා කර තිබේ.

0 Comments