වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වැල්ලවාය ආනපල්ලම ප්‍රදේශයේ පිහිටි කඳුවැටියක ඉකුත්දා (28) සවස ඇතිවු ගින්නෙන් අක්කර 200කට අධික ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇතැයි ප්‍රදේශ වාසිහු පවසති.
කුරුමියන්හෙල නමින් ප්‍රදේශවාසින් හඳුන්වන කඳුවැටිය මෙසේ ගිනිගනිමින් පවතින අතර පෙරේදා (01) උදෑසන වන විටත් මෙමගිනන් පැතිරෙමින් තිබෙනු දක්නට ලැබුණි.
මිට දින කිහිපයකට පෙර ඒ කදුවැටිය ඉදිරියෙන් පිහිටි මැදගොඩ කන්ද ද ගින්නෙන් විනාශ වි තිබු අතර දඩයමේ යන පිරිස් විසින් මෙම කන්ද ගිනි තබන්නට ඇතැයි අවට පදිංචිකරුවෝ පවසති. මේ සම්බන්ධයෙන් අප මොනරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවින්ද්‍ර කුමාර මහතාද දැන්ම්වත් කළ අතර ඔහු පවසා සිටියේ වහාම එම ගින්න නිවිම සදහා හමුදාවේ අපදා කණ්ඩායමක් එම ස්ථානයට යොමුකිරිමට කටයුතුකරන බවයි.
වැල්ලවාය විශේෂ -ජී.අයි.ආර් ගරුසිංහ
0 Comments