Ticker

6/recent/ticker-posts

Header Ads Widget

“අවුරුදු 12ක තමන්ගේම දුව කුකුළු කුඩූවක දාලා, අම්මා පුතාත් එක්ක ගමන් ගිහින්..!

12 හැවිරිදි වියේ පසුවන සිය දියණිය, කුකුළු කූඩුවක සිරකර තැබු මවක් පිළිබදව වාර්තා වෙනවා. ඒ හේවාහැට ප්‍රදේශයෙන්.

හේවාහැට රහතුංගොඩ වතුයායේ පදිංචි මෙම මව විසින් සිය 12 හැවිරිදි දියණිය කුකුළු කූඩුවක සිරකර සිටියදී හඟුරන්කෙත පොලිසියේ නිළධාරිනියක විසින් දරුවා නිදහස්‌ කරගෙන තිබේ. පසුව වෛද්‍ය වාර්තාවක්‌ ලබාගැනීම සඳහා පොලිසිය විසින් රිකිල්ලගස්‌කඩ මූලික රෝහලට දරුවා ඇතුළත් කර ඇත.

මෙම දරුවාගේ පියා මාධ්‍යයට පවසන්නේ සිද්ධිය වූ දින තමා කුලී වැඩකට ගිය බවත් දරුවා කුකුළු කූඩුවකට දමා ඇත්තේ තම බිරිඳ විසින් බවත් ය. පෙර කිසි දිනක එසේ නොකළ අතර දරුවා පස්‌වැනි ශ්‍රේණියේ ඉගෙනගන්නා බවත් මේ පිළිබඳව තමා කිසිවක්‌ නොදන්නා බවත් ඔහු කියා සිටියේ ය. ඔවුන්ගේ අනෙක්‌ දරුවා ආබාධිත අයෙකි.

අසල්වාසීන් තමන් සමඟ අමනාප බවත් දරුවා එම නිවෙස්‌වලට යන නිසා දරුවාගේ කැමැත්ත මත ඇය කුකුළු කූඩුවට දමා පිටතින් ඉබ්බෙක්‌ දමා ආබාධිත දරුවා රැගෙන අත්‍යවශ්‍ය ගමනක්‌ ගියා මිස දරුවාට හිරිහැරයක්‌ නොකළ බව ඇයගේ මව පොලිසියේදී පවසා සිටියාය.

හඟුරන්කෙත පොලිසිය මේ පිළිබඳව කියා සිටියේ හදිසි පොලිස්‌ ඇමතුම් අංකය වූ 119 ට ලද තොරතුරක්‌ අනුව විමර්ශන කටයුතු සිදුකළ බවයි. දරුවාගේ වෛද්‍ය වාර්තාව සහ තවදුරටත් විමර්ශනයකින් පසු නීත්‍යනුකූලව කටයුතු කරන බව පවසමින් පොලිසිය දෙමාපියන් නිදහස්‌ කර තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ දරුවා පරිවාස භාරයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි.

The post “අවුරුදු 12ක තමන්ගේම දුව කුකුළු කුඩූවක දාලා, අම්මා පුතාත් එක්ක ගමන් ගිහින්..! appeared first on Ape Rata | News Sri Lanka |News Today|Breaking News|Daily News.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();