Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාව ගැන සමාලෝචනයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයේ තුන්වැනි චක්‍රය යටතේ ශ්‍රී ලාකාව සම්බන්ධයෙන් කරනු ලැබූ සමාලෝචනයේ අවසන් වාර්තාව සඳුදා (මාර්තු 19) සම්මත කර ගෙන තිබේ.

ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 37 වෙනි සැසිවාරයේ දී මෙම අවසන් වාර්තාව සම්මත කර ගනු ලැබ ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ එහිදී අදහස් පළකරමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය නොවැම්බරයේ පැවති ඉතා වැඩදායක සංවාදයේදී ශ්‍රී ලංකාවට ලැබුණු නිර්දේශ 253 න් නිර්දේශ 177 ක් ශ්‍රී ලංකාව පිළිගත්තේ ස්වේච්ඡාවෙන් දෙන ලද ප්‍රතිඥා 12 ක්ද සමගින් බව පෙන්වා දුන්නේය.

ඉකුත් වසරේ නොවැම්බරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමාලෝචන සිදු කළ තැන සිට ගෙවුණු මාස කීපයේ ශ්‍රී ලංකාව එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ඔහු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය දැනුවත් කළේය.

(බී.බී.සිය අැසුරෙනි)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();