මානෙල් පුෂ්ප කුමාරි
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ දී ඊයේ (09) උදෑසන 4.00ට පමණ සීබ්‍රා පැටවකු උපත ලබා ඇත.
මේ ගැහැණු සීබ්‍රා පැටවා හොඳ සෞඛ්‍යයෙන් පසුවන බව එහි නිලධාරීහු පවසති. උද්‍යානය තුළදීම මීට සති දෙකකට පමණ පෙර සිංහ පැටවුන් තිදෙනෙකු ද උපත ලබා ඇති අතර ඔවුන් තිදෙනා මේ වන විට හොඳ සුවයෙන් පසු වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසීය. පිරිමි පැටවුන් එකක් සහ ගැහැණු පැටවු දෙදෙනෙක් සිටිති. සිංහ මව ජර්මනියෙන් ගෙන්වන ලද අතර පියා කොරියාවෙන් ගෙන්වා ඇත.
0 Comments