මෑත කාලයේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවැති වඩාත්ම සාමකාමී ඡන්ද විමසීම මෙවර මැතිවරණය බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පවසයි. මෙවර මැතිවරණයේ දී ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි ස්වරූපය හා දේපළ හානිවීම් ඉතාමත් අවම මට්ටමක පවතින බව ද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
2018 පළාත් පාලන මැතිවරණය නිරීක්ෂණය සඳහා නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය දිවයින පුරා සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි මැතිවරණ නිරීක්ෂකයන් 5000කට අධික පිරිසක් පෙබරවාරි 9 සහ 10 දිනවල යෙදවීමට නියමිතය.
නව මැතිවරණ ක්‍රමයට අනුව ස්ථාපිත කෙරෙන ගණන් කිරීමේ මධ්‍යස්ථානවල ද මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා කැෆේ සංවිධානය කටයුතු යොදා ඇත.
අපේක්ෂකයන් 52000 කට අධික පිරිසක් ඉදිරිපත්ව සිටින මෙවර මැතිවරණය, ලංකා ඉතිහාසයේ විශාලතම මැතිවරණයයි. පළාත් පාලන ආයතන 340කට ඡන්ද විමසීම පැවැත්වේ. 2012 අංක 22 දරන සංශෝධිත පනත් සංශෝධනය මඟින් මේ නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. මේ ක්‍රමය යටතේ සමස්ත ආසන සංඛ්‍යාවෙන් 60% ක් එනම් ආසන 5092ක් සඳහා කොට්ඨාස ක්‍රමය යටතේ තෝරා ගන්නා අතර, ඉතිරි 40% එනම් ආසන 3394 ක් සඳහා නියෝජිතයන් තෝරා ගැනීම සමානුපාතික ක්‍රමය යටතේ සිදුවෙයි. මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව 15,760,867 කි. එයින් 48.6%ක් පිරිමි වන අතර, 51.4% ක් කාන්තාවෝ වෙති.
මෑත ලංකා ඉතිහාසයේ පැවැති වඩාත්ම සාමකාමී ඡන්ද විමසීම මෙය වෙයි. ප්‍රචණ්ඩ ක්‍රියාවන්හි ස්වරූපය හා දේපළ හානිවීම් ඉතාමත් පහත මට්ටමක පැවතුණි. මේ වන විට ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සම්බන්ධ වූ පුද්ගලයන් 56කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්වී ඇත. නීතිය ක්‍රියාත්මක වීම ඉහළ මට්ටමින් පැවැතීම තුළ මැතිවරණ නීති ආරක්ෂා වී ඇත.
මේ දක්වා වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී ඇත්තේ නැඟෙනහිර පළාතෙනි. එයින් බහුතරයක් සංවිධානාත්මක නොවන හුදෙකලා සිදුවීම් වීම විශේෂත්වයකි. ප්‍රචාරණයේ නිහඬ කාලය තුළ ඊයේ සහ අද ශ්‍රී ලංකාවේ ස්ථාන 6 කින් සිදුවීම් වාර්තා වී ඇත. මේ දක්වා කැෆේ සංවිධානය වෙත පැමිණිලි 336ක් වාර්තා වී ඇත.
0 Comments