Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දූෂණය පිටු දකින ජනපති සංකල්පය ඵලගන්වන්න ජනතා වැඩසටහනක්

 ශ්‍රී ලාංකීක ජාතියේ වර්තමාන අභියෝග ගැන අවබෝධයෙන් යුතුව කටයුතු කර නූතන ජාතියක් ලෙස නැඟී සිටීය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

දූෂණයෙන් හා නාස්තියෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟිය යුතු බව නිදහස් දිනයදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළ පරිදි දූෂණය, අල්ලස, වංචාව, අක්‍රමිකතා සහ නාස්තියට එරෙහි පුළුල් ජනතා වැඩසටහනක් ආරම්භ කිරීමට මානවවාදී ජනතාවගේ අදහස් යෝජනා සහ ක්‍රියාකාරී සහභාගීත්වය ලබාගැනීම ආරම්භ කැර තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් මෙය සිදු කෙ‍රෙන අතර ඒ සම්බන්ධයෙන් නිකුත් කැර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.

නිදහස දිනාගත් අපේ රට, දූෂණයෙන් තොර දේශපාලනයක්, අක්‍රමිකතාවන්ගෙන් තොර පරිපාලනයක් සහ සකසුරුවම්බවින් යුතු ජන ජීවිතයක් සහිත පිරිසිදු දේශයක් විය. එහෙත් මෑත කාලීන දශක කිහිපයේ දී දූෂණය, වංචාව, අල්ලස සහ නාස්තිය පිළිලයක් සේ අපේ රට වසා පැතිර ගොස් තිබේ. දේශපාලනය, පරිපාලනය සහ නීති පද්ධතිය වැනි සමාජයේ බොහෝ ක්ෂේත්‍ර පුරා දූෂණය, වංචාව, නාස්තිය සහ අල්ලස ඔඩුදුවා තිබේ.

දූෂණය පැතිරෙන්නේ නාස්තියට ඉඩ ඇති විටය. නිවසක, කාර්යාලයක හෝ සමාජයක නාස්තියට ඉඩ තිබු‍ණහොත්, එතැන නිතැතින්ම අක්‍රමිකතා සහ දූෂණ සිදුවීමට ඉඩ විවර වේ. පිරිසිදු සමාජයක් ගොඩනැඟීමට නම් ලොකු කුඩා සෑම ආකාරයේම දූෂණය, වංචාව, අල්ලස සහ නාස්තිය පිටු දැකිය යුතුය.

මෙය අපේ රට හමුවේ අභියෝග රැසක් ඇති මොහොතකි. අප හමුවේ විශාල රාජ්‍ය ණය කන්දකි. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වේගවත්ව වර්ධනය කළ යුතුය. මේ සියලු අභියෝග සාර්ථකව ජය ගනිමින්, සෞභාග්‍යයේ නිදහස අත්පත් කරගැනීම සඳහා අප යුහුසුලුව ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය යුතු වෙමු. අද දවසේදී අප මූල්‍ය විනය මත පදනම් වූ දේශප්‍රේමීත්වයක් වෙත කැපවීය යුතු වන්නේ එබැවිනි. දූෂණයෙන්, වංචාවෙන්, අල්ලසින් හා නාස්තියෙන් තොර පිරිසිදු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා අප එකාවන්ව අත්වැල් බැඳ ගැනිමින් මහා ජනපවුරක් ගොඩනැඟිය යුතු වෙමු.

සෞභාග්‍යමත් නව යුගයක් කරා රට ගෙන යන බලවේගයක් ලෙස දූෂණය. අල්ලස, වංචාව සහ අක්‍රමිකතාවන්ට එරෙහිව:

පුළුල් දේශපාලන සහ සමාජ සංස්කෘතියක් ගොඩනැඟීම,

පරිපාලන පද්ධතිය බල ගැන්වීම සහ ශක්තිමත් කිරීම,

නීති පද්ධතිය සහ නීති පසඳලීමේ ආයතන විධිමත් කිරීම සිදුකළ යුතුය.

දූෂණය, වංචාව, නාස්තිය, අල්ලස සහ අක්‍රමිකතා දුරලා රට සුවපත් කරන මහා ජනපවුරේ එක් ස්ථම්භයක් සේ ඔබත් මෙම ජාතික වැඩසටහනට එක්වන්න. අපි නොකිළිටි, පිරිසිදු රටක් හදමු.

ශ්‍රී ලාංකික ජාතියේ වර්තමාන අභියෝග ගැන අවබෝධයෙන් නූනන ජාතියක් ලෙස නැඟී සිටීමට අවශ්‍ය ජවය සපයමින් දූෂණයෙන් සහ නාස්තියෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා ජනාධිපතිතුමාගේ කැපවීම එතුමා යළි තහවුරු කර තිබේ.

දූෂණය, අල්ලස, වංචාව, අක්‍රමිකතා සහ නාස්තියට එරෙහි පුළුල් ජාතික වැඩසටහනක් ගොඩනැඟීම සඳහා ආගමික නායකයින්, විද්වතුන්, වෘත්තීයවේදීන් ඇතුළු රටට හිතැති මානවවාදී ඔබගේ වටිනා අදහස්, ‍යෝජනා සහ ක්‍රියාකාරි සහභාගීත්ව දායකත්වය අපේක්ෂා කරමු.

මේ පිළිබඳව ඔබගේ වටිනා අදහස් හා යෝජනා 2018 මාර්තු 01 වැනි දිනට ප්‍රථම ලබාදීමට කාරුණික වන්න. වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධීකරණය: නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා, දු.අ. 076-4654600 ෆැක්ස් - 011-2431502 ඊෙම්ල් zcrocorruption@presidentosffice.lk

ලිපිනය : නාස්තිය සහ දූෂණයට එරෙහි ජාතික වැඩසටහන, ජනාධිපති කාර්යාලය, කොළඹ 01. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();