Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්තානයේ සහායට චීනය ඉදිරිපත්වේ

ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ඇමරිකාව, පාකිස්තානයට ඇගිල්ල දිගු කිරීම අනුමත කළ නොහැකි බව චීනය පවසයි.

ත්‍රස්තවාදය මැඬලීමේ වගකීම කිසිදු තනි රටක් වෙත පැවරිය නොහැකි බවයි චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ.

තලෙයිබාන් සහ හක්කානි ත්‍රස්ත ජාලය මැඬලීමට ප්‍රමාණවත් පියවර නොගන්නා බව පවසමින් ඇමරිකාව පසුගිය සතියේ පාකිස්තානය වෙත ලබාදෙන ඩොලර් බිලියන 02ක පමණ ආරක්ෂක ආධාර අත්හිටුවනු ලැබීය.

නූතන සේද මාර්ගයේ නැවතුම් පොළක් ලෙස පාකිස්තානයේ දැවැන්ත ආයෝජන සිදුකර ඇති චීනය පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදයට එරෙහිව පාකිස්තානය විශාල කැප කිරීම් සිදුකර ඇති බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();