සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 336කව තිබියදී මීට සුළු මොහොතකට පෙර නිමා විය.
තරඟයේ පළමු දිනය වූ ඊයේ (23) දිනට තරඟය නතරකරන විට එංගලන්ත කණ්ඩායම කඩුලු 07 ක් දැවී ලකුණු 312ක් ලබා සිටි අතර දෙවන දිනය වන අද දිනයේ දී එංගලන්ත පිතිකරුවන්ට සිය පළමු ඉනිමට රැස්කර ගත හැකි වූයේ තවත් ලකුණු 24ක් පමණයි.
එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ජොනී බෙයාස්ටෝ ලකුණු 110ක් රැස් කළ අතර බෙන් ස්ටොක් ලකුණු 57ක් රැස් කලේය.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 95කට කඩුලු 05ක් බිද හෙලූ අතර ඩිල්රුවන් පෙරේරා කඩුලු 03ක් බිඳ දැමීය.
ශ්‍රී ලංකා පළමු ඉනිම මේ වනවිට ආරම්භ වී තිබේ.
ඒ අනුව පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් අවසානයේ ලබි සිටින ලකුණු සංඛ්‍යාව 79ක්.
0 Comments