Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සිරිසේන -රාජපක්ෂ හවුලට විරෝධය පා තවත් 20ක් ස්වාධීනවේ.

Mahinda_Sirisena_Together

පසුගිය සති දෙක තුළ පාර්ලිමේන්තුවේ දී දියත් කරන ලද කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට එරෙහිව මහින්ද රාජපක්ෂ හා  මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පළ කරමින්   සිරිසේන මහින්ද කල්ලියේ දැනට සිටින මන්ත්‍රීන්  20 කට අධික සංඛ්‍යාවක් ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇති බව  වාර්තා වේ. විශේෂයෙන්  පාර්ලිමේන්තු ප්‍රධාන සම්ප්‍රධායන් පවා  විනාශ කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ දමා බලය පමණක් ඉලක්ක කරගෙන කටයුතු කිරීම නිසා රට මහත් විනාශයකට ඇද වැටෙන බව ඔවුන්ගේ මතය වී ඇත. විශේෂයෙන්  සිරිසේන  ජනාධිපතිවරයා යහපාලනය  සම්බන්ධයෙන් හැට දෙලක්ෂයක් ජනතාව හමුවේ තැබූ බලාපොරොත්තු අමු අමුවේ උල්ලංඝනය කරමින්  කටයුතු කිරීමද   ජනාධිපතිවරයා සම්බන්ධයෙන්  කොතෙක් අඩුපාඩු තිබුණත් ඒවා නොසලකා හැර ඔහු සමග එකට සිටගැනීම  ගැනීම් සම්පූර්ණයෙන්ම මහින්ද රාජපක්ෂ වෙත පාවා දී ඇති බව මෙම මන්ත්‍රීවරුන් ගේ
අදහස වී ඇත.මහින්ද රාජපක්ෂද  මෙම ක්ෂණික වෙනස්වීම කිසිසේත්ම අනුමත නොකරන බවත්  එක්කෝ බලයට ඇති කෑදරකම නිසා නොඑසේ නම් නඩු වලින් බේරීම සඳහා තමන් විසින් ගොඩනගා ගෙන ආ දේේශපාලන ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම්ට ඔහු කටයුතු කර ඇති බව ඔහුගේ පාර්ශ්වයෙන් අදහස් දක්වන කලකිරීමට ලක් වූ මන්ත්‍රීවරුන්ගේ අදහස වී ඇත.මෙම නිසාම මෙම  කණ්ඩායම රාජපක්ෂ සහ සිරිසේන හවුලට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීන්දුකර ඇති බව වාර්තා වේ.

The post සිරිසේන -රාජපක්ෂ හවුලට විරෝධය පා තවත් 20ක් ස්වාධීනවේ. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();