සතොස ආයතනයේ සේවකයන් 153ක් දේශපාලන කටයුතුවලට යොදා ගනිමින් රජයට රුපියල් කොටි හතරක් පාඩු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු වෙළෙඳ පාරිභොගික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යන්නේ ද ? නැද්ද ? යන්න නියෝගය ලබන ජනවාරි 18 වන දින ප්‍රකාශයට පත් කරන බවට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ (14) විත්තියට දැනුම් දුන්නේය.
විත්තිකරුවන් අධිකරණය හමුවේ ගොනු කළ විරෝධතා සම්බන්ධයෙන් කරුණු සළකා ඔහුන්ට එරෙහිව නඩුව පවත්වාගෙන යන්නේ ද ? නැද්ද? යන්න නියෝගය එදිනට ප්‍රකාශ කිරීමට නියමිතය.
අල්ලස් කොමිසම ගොනු කළ ප්රතිවිරෝධතා සළකා බලමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ඉකුත් 22 නියම කර තිබිණි.
විත්තිය ඉකුත් නඩු දිනයේ දී සිය මුලික විරෝධතා ගොනු කළ අතර පැමිණිල්ල සිය ප්රතිවිරෝධතා 22 වන දින ගොනු කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුව පවත්වාගෙන යන්නේද ? නැද්ද ? යන්න සමිබන්ධ තිරණය ජනවාරි 18 වන දින නිකුත් කිරීමට නියමිතය.
සතොස ආයතනයේ සේවකයන් 153ක් දේශපාලන කටයුතුවලට යොදා ගනිමින් රජයට රුපියල් කෝටි හතරක් පාඩු කළ බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු හා ක්‍රියාකාරි අධ්‍යක්ෂක කාජ් මොහිදින් මෙහොමඩ් යන අයට එරෙහිව මෙම නඩුව අල්ලස් කොමිසම 2016 ජුනි 30 වන දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.
වර්ෂ 2010 සිට 2014 දක්වා කායේ දී සතොස සේවකයන් 153දෙනා දේශපාලන කටයුතුවල නිරත කරමින් රජයට පාඩු කළ බව පවසමින් අල්ලස් කොමිසම පැවරු මෙම නඩුවට නොතිසි මත අධිකරණය හමුවේ පෙනි සිටි සැකකරුවන්ට ඉකුත් වසරේ ජුලි මස පළමු දින ඇප මත මුදා හැරිණි.
0 Comments