Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පළාත් සභා පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව කල් යයි

Author(s): 
නෙල්කා මැදගෙදර

පාර්ලිමේන්තුවේ දී සම්මත කළ පළාත් සභා ඡන්ද විමසීමේ (සංශෝධන) පනත අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් 7ක් පිළිබඳ සිය තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබූ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධ ලිඛිත දේශන මාසයක කාලයක දී ගොනු කරන ලෙස පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන්ට ඊයේ (14) නියම කෙළේය.

එම පෙත්සම් විභාගය ඊයේ (14) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අවසන් කෙරිණි.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, සිසිර ද ආබෲ, නලීන් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මෙම පෙත්සම් කැඳවූ අතර දින කිහිපයක් පුරා පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන්ගේ කරුණු දැක්වීම් සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, ඕමාරේ කස්සප හිමි ඇතුළු හත් දෙනෙක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි. නීතිපතිවරයා, කථානායකවරයා, මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෝ වෙති.

පළාත් සභා ඡන්ද විමසීමේ පනත ඉකුත් 2017 සැප්තැම්බර් මස 20 දින පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතර ඡන්ද ප්‍රමාණයකින් සම්මත කළ අතර සැප්තැම්බර් මස 22 දින කථානායකවරයා ඊට අත්සන් තැබීය.

කෙටුම්පත් අවස්ථාවේ දී එම පනතට සංශෝධන කිහිපයක් ඇතුළත් කර අතර කිසිදු දැනුවත් කිරීමකින් තොරව පිළිගත් ක්‍රියාදාමයට පටහැනිව යමින් එම සංශෝධන කිරීම මඟින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට පෙත්සම්කරුවන් පෙන්වාදී තිබිණි.

ඒ බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා තිබිණි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();