Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මැ‍ලේසියා අගමැති ශ්‍රී ලංකාවේ නිල සංචාරයක

Author(s): 
මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව සහ මැ‍ලේසියාව අතර ති‍බෙන රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ‍දෙදින නිල සංචාරයක් සඳහා මැ‍ලේසියානු අගමැති ඩාටුක් ‍සෙරි නජිබ් රෂාක් මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

එළ‍ඹෙන 17 දා ‍මෙරටට පැමි‍ණෙන මැ‍ලේසියානු අගමැතිවරයා ‍ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනී‍මේ අරමුණින් ‍මෙරටට පැමි‍ණෙන බව මැ‍ලේසියානු වි‍දේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නජිබ් රෂාක් මහතා ‍මෙරට රැඳී සිටින කාලයේ දී ජනාධිපති ‍මෛත්‍රීපාල සිරි‍සේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ති‍බෙන අතර එම සාකච්ඡාවල දී ‍දෙරටට වැදගත් වන ක්‍ෂේත්‍ර රැසක් සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමු කරන බවද එම අමාත්‍යාංශය ‍පෙන්වා ‍දෙයි.

ශ්‍රී ලංකාව සහ මැ‍ලේසියාව ඇතුළුව ‍ලෝක‍යේ රටවල් 52ක් සාමාජිකත්වය දරණ ‍පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව එළ‍ඹෙන 2020 වස‍රේ මැ‍ලේසියා‍වේ දී පැවැත්වීමට නියමිතව ති‍බෙන අතර එම සමුළු‍වේ සංවිධාන කටයුතු සම්බන්ධ‍යෙන් ද ශ්‍රී ලංකා‍වේ දී සාකච්ඡා කරන බව මැ‍ලේසියානු වි‍දේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මැ‍ලේසියානු අගමැති ඩාටුක් ‍සෙරි නජිබ් රෂාක් මහතා‍ගේ ශ්‍රී ලංකා සංචාර‍යෙන් අනතුරුව මාලදිවයි‍නේ සංචාරය කිරීමට නියමිතව ති‍බෙන අතර රටවල් අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම ‍මෙම සංචාරයන්ගේ අපේක්ෂාව බවද එම අමාත්‍යාංශය ‍පෙන්වා ‍දෙයි. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();